සොරා ගත් යතුරුපැදියෙන් ශ්‍රී පාද වන්දනාවේ ගිය යුවළ අත්අඩංගුවට

සොරකම් රැසක් සිදුකර සැඟව සිටි පයාගල “චාටර් බට්ටා” නමැත්තා හා ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ආදරවන්තයින්ගේ දිනය දා ගාලු මුවදොර ප්‍රදේශයෙන් සොරා ගත් යතුරු පැදියකින් බිරිඳ සහ දරුවා සමඟ ශ්‍රී පාද වන්දනාවේ ගිය මෙම පුද්ගලයා එම ගමන අතර ද සොරකම් රැසක් සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු සමඟ සොරා ගත් යතුරුපැදිය, ආරක්ෂක හිස් වැසුම් දෙකක් හා ග්‍රීස් භාජනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

හොරණ බොරලුගොඩ ප්‍රදේශයේ ලිහිසි තෙල් අලෙවි මධ්‍යස්ථානයකින් රුපියල් හැට දහසක් වටිනා ග්‍රීස් බාස්කට් එකක් කුඩා දරුවකු සමඟ යතුරුපැදියකින් පැමිණි අඹුසැමි යුවළක් සොරා ගෙන යන අයුරු CCTV කැමරාවක සටහන් ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ සැකකරු පයාගල ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවටයි.

ඒ අනුව ආදරවන්තයින්ගේ දිනය දා ගාලු මුවදොර පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට පැමිණි තරුණයෙකුගේ යතුරුපැදියක් සොරාගත් පුද්ගලයා මෙම සැකකරු බවට ප්‍රශ්න කිරීමේ දී අනාවරණ වී තිබෙනවා.

පසුව සැකකරුගේ සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සොරා ගත් යතුරුපැදියෙන් බිරිඳ සහ දරුවා සමග ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටියදී රත්නපුර ප්‍රදේශයේ බැටරි අලෙවිසැලකින් රුපියල් විසිපන්දහසක් පමණ වටිනා බැටරියක් සොරාගෙන එම ප්‍රදේශයේම තීරෝද රථ රියදුරෙකුට රුපියල් දස දහසකට අලෙවි කළ බවටයි අනාවරණය වී ඇත්තේ.

හොරණ බොරලුගොඩ ප්‍රදේශයෙන් සොරාගත් ග්‍රීස් බකට් එක බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළඳසැලකට රුපියල් 29000 කට අලෙවි කර තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

අවුරුදු 36 සහ 31 වයස්වල පසුවන් සැකකාර අඹුසැමි යුවළ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56