විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන්ට වගකීම් තුනක් ලබාදී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂාව, හානියට පත් නිවාසවලට වන්දි ලබාදීම සහ වත්මන් නිල කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට ප්‍රතිඥා දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ඇති බවයි ඔහු කියාසිටියේ.

ඊයේ (21) නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ජනවරමක් නොමැති වත්මන් ජනාධිපතිවරයා පත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කිරීමට පමණක් බවයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් වළකින ලෙස රජයට බලකර සිටින අතර ජනතාවගේ අයිතිවාසිකම් කඩ කළහොත් පාරට බසින බවට ද ඔහු අනතුරු අඟවනවා.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේ මැතිවරණ කල් දැමීමට සහාය දෙන සියලු දෙනා නීතිය හමුවට පමුණුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03