spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන්ට වගකීම් තුනක් ලබාදී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂාව, හානියට පත් නිවාසවලට වන්දි ලබාදීම සහ වත්මන් නිල කාලය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට ප්‍රතිඥා දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ඇති බවයි ඔහු කියාසිටියේ.

ඊයේ (21) නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ජනවරමක් නොමැති වත්මන් ජනාධිපතිවරයා පත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කිරීමට පමණක් බවයි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් වළකින ලෙස රජයට බලකර සිටින අතර ජනතාවගේ අයිතිවාසිකම් කඩ කළහොත් පාරට බසින බවට ද ඔහු අනතුරු අඟවනවා.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේ මැතිවරණ කල් දැමීමට සහාය දෙන සියලු දෙනා නීතිය හමුවට පමුණුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?