පොලිසියට ගොඩ එන්න නාවික හමුදා සහාය

විශේෂ මෙහෙයුමක් සඳහා ගොස් සිටියදී කුඹුක්කන් ඔය පිටාර ගැලීම හේතුවෙන් සිර වී සිටි පොලිස් කණ්ඩායමක් ආරක්‍ෂිතව නැවත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

දෙමෝදර රක්ෂිතය ප්‍රදේශය වෙත ගොස් එහි සිරවී සිටි පොලිස් කණ්ඩායමක් මොණරාගල දිස්ත්‍රික්කයට ඇද හැලුනු අධික වර්ෂාපතනයත් සමඟ කුඹුක්කන් ඔය පිටාර ගැලීම හේතුවෙනුයි සිරවී සිට ඇත්තේ.

ඒ අනුව එම නිලධාරීන් කුඹුක්කන් ඔය හරහා නැවත ආරක්ෂිතව රැගෙන ඒමට අද උදෑසන නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් කටයුතු කර තිබෙනවා.

මෙහෙයුමක් සඳහා දෙමෝදර රක්ෂිතය වෙත ගොස් සිටි ඔක්කම්පිටිය පොලිසියේ කණ්ඩායමක් නැවත පැමිණීමට නොහැකිව රක්ෂිතය තුල සිරවී සිටින බවත්, එම පිරිස නැවත රැගෙන ඒම සඳහා සහය ලබා දෙන ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වෙතින්, නාවික හමුදා මූලස්ථානය වෙත දැනුම් දීමක් සිදු කර තිබුණා.

එම දැනුම් දීමට අනුව නාවික හමුදාධිපතිගේ උපදෙස් මත නාවික හමුදා සාමාජිකයන් 08 දෙනෙකු සහ යාත්‍රා දෙකකින් සමන්විත කණ්ඩායමක් යෙදවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් අද උදෑසන එම විශේෂ කණ්ඩායම, අධික වර්ෂාපතනය හමුවේ පිටාර ගැලූ කුඹුක්කන් ඔය හරහා ආරක්‍ෂිතව නැවත රැගෙන ඒමට අවශ්‍ය සහාය ලබා දුන් බවයි නාවික හමුදාව කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25