කෝටි 22 ක් වැයකර ඉදිකළ තුම්මෝදර පාලම විනාශයට (ඡායාරූප)

රුපියල් කෝටි 22 කට වැඩි මුදලක් වැය කර ඉදිකිරීම් ආරම්භ කල නාත්තන්ඩිය – තුම්මෝදර පාලමේ වැඩ අතර මග නතර කර දැමීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවට පත්ව සිටිනවා.

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන තදබදයට විකල්පයක් ලෙසට මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2020 සැප්තැම්බර් මාසයේ.

පාලමේ වැඩ 2021 වසරේ දෙසැම්බර් මස 19 වැනිදාට පෙර අවසන් කිරීමට නියමිතව තිබුණත් මෙතෙක් එය සිදුවී නැහැ.

“අරාබි ආර්ථික සංවර්ධනය සදහා වූ ක්වේට් අරමුදල”(KFAED) ව්‍යාපෘතිය යටතේ මෙරට පාලම් 25 ක් සංවර්ධනය කිරීමට යෝජනා වූ අතර එසේ සංවර්ධනය කිරීමට යෝජිත පාලම් 25 ට තුම්මෝදර පාලමද ඇතුළත් වුණා.

නව පාලම ඉදිකිරීමේදී ගලවා ඉවත්කළ පැරණි පාලමේ සුන් බුන්ද තවමත් තැන තැන ගොඩ ගසා ඇති අතර එම ස්ථාන තුළ මත් ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා සිදුවන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා නගන්නේ.

තද වැසි කාලවලදී හැමිල්ටන් ඇල පිටාර ගැලීමත් සමග මෙම පාලමේ දෙපස ඛාදනයට ලක්වන අතර එය පාලමේ ඉදකිරීම් සිදුකර ඇති කොටසටද ගෙන දෙන්නේ හානියක්.

අදාල පාලම් ව්‍යාපෘතිය වෙනුවෙන් රජය, ණය හා වාරික ගෙවන පසුබිමක, තුම්මෝදර පාලම මෙලෙස විනාශයට පත්වීම එක් පසෙකින් ජනතා අභිලාශ ඉටු නොවීමක් මෙන්ම ජාතික ධනය ද විනාශවී යෑමක්.

02 2
07


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33