ආයෝජන ප්‍රවර්ධනයේ දී කොළඹ වරාය නගරය සහ ඉදිරි සැලසුම් ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ දායකත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.

මෙම විශේෂ කාරක සභාව සඳහා ශ්‍රී ලංකා වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, මුදල් අමාත්‍යාංශය, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරන ක්ෂේත්‍ර ගණනාවක නිලධාරීන් සම්බන්ධ වී තිබෙනවා.

මෙහිදී කොළඹ වරාය නගරය ආශ්‍රිතව සිදුකරන ආයෝජන වලට අවශ්‍ය වන නීතිමය අංශයෙන් වන බේරුම්කරන මධ්‍යස්ථානයක් ස්ථාපිතකිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර මේ සඳහා විශේෂ ආරාධිතයෙක් ලෙස අධිකරණ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද සම්බන්ධ වුණා.

මෙහිදී අමාත්‍යවරයා සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් බේරුම්කරන මධ්‍යස්ථානයක් ස්ථාපිතකිරීම පිළිබඳ වර්තමාන තත්ත්වය සහ එය ඉක්මනින් අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?