දින 11ක් සුන්බුන් අතර සිරවී සිටි 3 දෙනෙකු බේරා ගැනේ

තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දින 11කට පසු සුන්බුන් අතර සිරවී සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙකු සහ තවත් දෙදෙනෙකු සහන කණ්ඩායම් විසින් බේරාගෙන තිබෙනවා.

රික්ටර් මාපකයේ 7.8 ක කම්පනය තුර්කියට සහ සිරියාවට බලපෑම් සිදු කර පැය 260 කට පසුවයි මෙම තුන් දෙනා සුන්බුන් අතර සිරවී සිටියදී බේරා ගැනුනේ.

සහන කණ්ඩායම්වල නිලධාරින් විසින් සුන්බුන් අතර නැගෙන ශබ්ද අනුව කළ සොයා බැලීම්වලදී මෙම පිරිස සොයාගෙන තිබෙනවා.

බේරාගත් අනෙක් පුද්ගලයන් දෙදෙනා අවුරුදු 26 සහ 33 වයස්වල පසුවනවා.

පසුගිය 6 වනදා සිදු වූ භූමිකම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ 44,000 කට අසන්න පිරිසක් මිය ගොස් ඇති අතර තවත් දස දහස් ගණනක් තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම අවතැන් වූ මිලියන ගණනක් ශීතල උෂ්ණත්වය හමුවේ නවාතැන් නොමැතිව සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

තුර්කි බලධාරීන් පවසන්නේ තම රට තුළ අවම වශයෙන් පුද්ගලයින් 38,044 දෙනෙකු මියගොස් ඇති බවයි. සිරියාවේ පුද්ගලයන් 5,800 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව සිරියානු රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

තුර්කියේ ආපදා ඒජන්සියේ භූමිකම්පා සහ අවදානම් අවම කිරීමේ ඒජන්සියට ප්‍රකාශ කළේ සෑම විනාඩි හතරකටම එකක්, වශයෙන් පසුගිය සතියේ භූමිකම්පා ඇති වූ දිනයේ සිට පසු කම්පන 4,700 ක් පමණ සිදුවී ඇති බවයි.

මෙම පසු කම්පන බොහෝමයක් රික්ටර් මාපකයේ එකක 4ට වඩා වැඩි ඒවා බව ද සඳහන්.

එමෙන්ම ඉදිරි දිනවලදී රික්ටර් මාපකයේ 5 ක ප්‍රබල භූ කම්පනයක් ඇති විය හැකි බව ද එම ආයතනය අනතුරු අඟවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05