ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා 2000 ක්

ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2000 ක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමට ඊශ්‍රායල ජනගහන හා සංක්‍රමණික ආයතනය එකඟතාව පළකර තිබෙනවා.

එම ආයතනයේ අධ්‍යක්ෂ Shiely Raisin Sason,ඇතුළු දූත පිරිසක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මුණ ගැසුණු අවස්ථාවේ මේ බව දැනුම් දී තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ පැවති මෙම හමුවේදී ඊශ්‍රායලයේ රෝගී සත්කාර සදහා වැඩි අවස්ථාවක් පවතින්නේ කාන්තාවන්ට බැවින් පුහුණුව ලබාදීමේදී කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසටයි නියෝජිත කණ්ඩායම ඇමතිවරයාට දැනුම් දී තිබෙනවා.

සාත්තු සේවක රැකියා සදහා බදවා ගැනිමේදී එම සේවා සදහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇත්ද යන්න,ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය,වෘත්තීමය වශයෙන් ලබාගෙන ඇති පුහුණුව ආදී කරුණු පිළිබදව වැඩි අවධානයක් යොමු විය යුතු බව අදාළ නියෝජිතය කණ්ඩායම දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සෑම වසරකම ඊශ්‍රායලය, රැකියා අවස්ථා අටදහසක් පමණ ලබාදීමට සූදානම් බවයි ඊශ්‍රායල නියෝජිත පිරිස වැඩි දුරටත් පවසා තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?