AFC Banner
Empty Ad
Empty Ad

දේශබන්දු තෙන්නකෝන් ට නිකුත් කළ නියෝගයක් වළක්වමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයට අයූතු ලෙස ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තාවකාලිකව අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන සිතාසිය පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත තවත් අතුරු නියෝගයක් ද නිකුත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දින 14 කට බලපැවැත්වෙන පරිදි මෙම අතුරු නියෝග නිකුත් කර ඇති අතර අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සහ සේනක මහින්දවංශ ජයසිංහ යන අය වෙත ලබන 28 වනදා අධිකරණයේ කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

එමෙන්ම අදාළ පුද්ගලික පැමිණිල්ල ලබන 28 වනදා තෙක් කැඳවීමෙන් හෝ විමසීමෙන් වළකින ලෙසටයි අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර සිටින්නේ සේනක මහින්දවංශ ජයසිංහ නැමැති වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට හෙට දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා පසුගිය ජනවාරි මස 26 වනදා සිතාසියක් නිකුත් කර ඇති බවයි.

ජනාධිපති මන්දිරයේ තිබී මුදල් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳව පොලිසිය විසින් විමර්ශනයක් සිදුකළ බවත් එම විමර්ශනවලදී තමන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු කිසිවක් අනාවරණය නොවූ බවත් පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

එසේ තිබියදී තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන සිතාසිය පිළිගත් නීතිමය සිද්ධාන්තවලට පටහැනි ආකාරයෙන් නිකුත් කර ඇති බවත් ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදු වී ඇති බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෙත්සමෙන් තුළින් සඳහන් කර තිබෙනවා.

එබැවින් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් නිකුත් කරන තුරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව දැනට නිකුත් කර තිබෙන සිතාසිය පදනම් කරගෙන තමන්ට එරෙහිව ඉදිරි පියවර ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කළ ලෙසටයි ඔහු වැඩිදුරටත් පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40

?