දේශබන්දු තෙන්නකෝන් ට නිකුත් කළ නියෝගයක් වළක්වමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයට අයූතු ලෙස ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ල විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තාවකාලිකව අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන සිතාසිය පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත තවත් අතුරු නියෝගයක් ද නිකුත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දින 14 කට බලපැවැත්වෙන පරිදි මෙම අතුරු නියෝග නිකුත් කර ඇති අතර අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සහ සේනක මහින්දවංශ ජයසිංහ යන අය වෙත ලබන 28 වනදා අධිකරණයේ කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

එමෙන්ම අදාළ පුද්ගලික පැමිණිල්ල ලබන 28 වනදා තෙක් කැඳවීමෙන් හෝ විමසීමෙන් වළකින ලෙසටයි අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර සිටින්නේ සේනක මහින්දවංශ ජයසිංහ නැමැති වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට හෙට දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා පසුගිය ජනවාරි මස 26 වනදා සිතාසියක් නිකුත් කර ඇති බවයි.

ජනාධිපති මන්දිරයේ තිබී මුදල් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳව පොලිසිය විසින් විමර්ශනයක් සිදුකළ බවත් එම විමර්ශනවලදී තමන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු කිසිවක් අනාවරණය නොවූ බවත් පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

එසේ තිබියදී තමන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන සිතාසිය පිළිගත් නීතිමය සිද්ධාන්තවලට පටහැනි ආකාරයෙන් නිකුත් කර ඇති බවත් ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදු වී ඇති බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෙත්සමෙන් තුළින් සඳහන් කර තිබෙනවා.

එබැවින් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් නිකුත් කරන තුරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව දැනට නිකුත් කර තිබෙන සිතාසිය පදනම් කරගෙන තමන්ට එරෙහිව ඉදිරි පියවර ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කළ ලෙසටයි ඔහු වැඩිදුරටත් පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53
Video thumbnail
පොහොට්ටුවේ මීනු දෙයි ආණ්ඩුවට රිදෙන්න - යට ඇඳුමත් ඉල්ලගෙන ඇදපු JVP කාඩරේ අපිට උගන්නන්න එනවා
08:13
Video thumbnail
මාලනීය ගැන කියලා හඬා වැටුණු රසිකයා - අවු:50ක් ඇයගේ ගීත රස වින්දනය කළා..මගේ ප්‍රියතම ගායිකාව
01:15
Video thumbnail
සාරංග සහ දිනක්ෂි මාලනිය ගැන කිව්ව කතාව - කලා ලෝකයේ හැමෝටම දැනෙන පාඩුවක්..අපේ රටේ හඬ
03:20
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04