නවසීලන්තයේ ප්‍රබල භූ චලනයක්

නවසීලන්තයේ වෙලින්ටන් නුවර ආශ්‍රිතව ප්‍රබල භූ චලනයක් සිදුවී තිබෙනවා.

එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.0ක් ලෙසටයි.

භූමිකම්පාව තත්පර 30ක පමණ කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.

මෙම භූමිකම්පාව රාත්‍රී 7.38 ට Paraparaumu සිට කිලෝමීටර 50ක් පමණ වයඹ දෙසින් කිලෝමීටර් 48ක් ගැඹුරින් සිදු වූ බව සඳහන්.

ඕක්ලන්ඩ් මෙන්ම ක්‍රයිස්ට්චර්ච් ඇතුලු උතුරු සහ දකුණු දූපත් දෙකෙහිම පුද්ගලයින් 70,000කට වැඩි පිරිසකට භූමිකම්පාව දැනුණු බව වාර්තා වනවා.

කෙසේවෙතත් මෙමගින් සුනාමි තර්ජනයක් නොමැති බවයි නවසීලන්ත ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය දැනුම්දී ඇත්තේ.

මෙම ප්‍රධාන කම්පනයෙන් පසු, රිච්ටර් මාපක 4.0ක භූමිකම්පාවක් ද සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වෙලින්ටන් ප්‍රදේශයේ හදිසි කළමනාකරණ කාර්යාලය පැවසුවේ මෙවැනි පසු කම්පන අපේක්ෂා කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32