චීනයේ සංචාරක කර්මාන්තය අර්බුදයක – ඉහළ මිල ගණන් හමුවේ සංචාරකයින් සොයාගැනීමේ ගැටලුවක්

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර තුනකට අධික කාලයක් දේශසීමා වසා දැමූ චීනය සිය සංචාරක ක්ෂේත්‍රය යළි පණ ගැන්වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

ඒ, සඳහා දරණ ප්‍රයත්නයක් ලෙස විදේශීය  සංචාර පැකේජ ප්‍රවර්ධනය ආරම්භ කර තිබුණත් විදේශගත වීමට සූදානම් ගනුදෙනුකරුවන් සොයා ගැනීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.

වසර තුනක කාලයක් හුදකලාවේ සිටි චීනය ජනවාරි 08 වන දින සිට පළමුවරට තෝරාගත් රටවල් සඳහා ගුවන් ටිකට්පත් සහ හෝටල් සහිත පැකේජ අත්හදා බැලීමක් ආරම්භ කළා.

ඒ සඳහා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය විසින් තෝරාගනු ලැබූ රටවල් අතරට තායිලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි අග්නිදිග ආසියානු රටවල්  20ක්  ඇතුළත්.

චීන සංචාරක නියෝජිතායතන පවසන්නේමෙය සංචාරක කර්මාන්තයට ධනාත්මක වාතාවරණයක් ගෙන දෙන බවයි.

රට නැවත විවෘත කිරීමෙන් පසු, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් චීනයේ ප්‍රධාන දේශසීමා හරහා විදෙස් රටවල් බලා සංචාරය කර ඇති අතර එය සංචාරක ක්ෂේත්‍රය ප්‍රකෘතිමත් වීමේ සලකුණුක්  ලෙසයි එම නියෝජිතායතන පෙන්වා දෙන්නේ.

එහෙත් එම සංඛ්‍යා ලේඛන කොවිඩ්  වසංගතය පැවති කාලයට පෙර කාල සීමාවේ පැවති සංචාරක ක්ෂේත්‍රයේ අගයන්ට වඩා බෙහෙවින් අඩු අගයක පවතිනවා.

2023 වසර ඇතුළත සිය සංචාරක ව්‍යාපාරය 2019 දී පැවති මට්ටමෙන් සියයට 50ක් පමණ දක්වා හෝ යථා තත්ත්වයට පත්කරගැනීම චීනයේ අපේක්ෂාවයි.

2020 මාර්තු මාසයේදී චීනය සිය දේශසීමා සියලුම සංචාරකයින් සඳහා වසා දැමූවේ  සංචාරක ක්ෂේත්‍රයට දැඩි පහරක් එල්ල කරමින්.

සංචාරක ව්‍යාපාරය 2019 දී චීනයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11කට පමණ දායකත්වයක් ලබාදී තිබුණද  2021 වන විට එය සියයට 3.96 දක්වා කඩා වැටුණා.

කොවිඩ් වසංගත සමයට පෙර චීනය ලොව විශාලතම සංචාරක මූලාශ්‍රය බවට පත්ව තිබුණේ සංචාර මිලියන 170ක් පමණ ඔස්සේ ලෝක ආර්ථිකයට අමරිකානු ඩොලර් බිලියන 253ක දායකත්වයක් ලබා දෙමින්.

චීනය මේ වන විට කණ්ඩායම් සංචාර ආරම්භ කර තිබුණ ද පවතින ඉහළ මිල ගණන් යටතේ ඒ සඳහා සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් නොමැති බවටයි වාර්තා වන්නේ.

මත විමසුමක දී චීන සංචාරකයින් ප්‍රකාශ කර තිබුණේ මිල ගණන් යථා තත්ත්වයට පත්වනතුරු  තමන් බලා සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42