ලංවීමට සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ජාතික සභාවෙන් උපදෙසක්

විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව 15 වනදා අවසන් තීරණය ගැනීමට පෙර විදුලිබල මණ්ඩලය සහ එම කොමිෂන් සභාව සාකච්ඡා කරන ලෙස ජාතික සභාව අද (13) දිනයේ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව අද (13) පස්වරුවේ හමුවී මේ පිළිබද සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයේ නිලධාරීන් එකඟත්වයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන අයගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාව අද (13) රැස්වූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවා.

විදුලි බල මණ්ඩලය 60%ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින පසුබිමක අවශ්‍ය ප්‍රතිශතය වැඩිකිරීමට අවසර නො ලැබුණහොත් බරපතල අර්බුදයකට මුහුණදීමට සිදුවන බවයි විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ.

ඒ, අනුව ඉදිරියේදී ගල්අඟුරු ආනයන කිරීමට පවා මුදල් නොමැතිවීම නිසා දීර්ඝ විදුලි කප්පාදුවකට යාමේ අවධානමක් ද පවතින බව ඔහු පෙන්වා දුන්නා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් මෙහිදී පවසා සිටියේ විදුලි බල ගාස්තු වැඩිවීම පිළිබද අවසන් තීරණය ලබන 15 වැනිදා දැනුම්දීම සදහා මේවන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි.

විදුලිබල මණ්බලයේ දත්ත සහ මහජනතාව ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ වන විට ලබා ගෙන ඇති බවත් ඔවුන් සඳහන් කර සිටියා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේවන විට විදේශ ගතව සිටීම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක්ව වුණා.

මීට මාස ගණනාවකට පෙර සැලසුම්කර තිබූ පරිදි නිසි අවසරයකින් පසු ඔවුන් විදේශ ගත වී ඇති බවත්, මෙම සියලු කටයුතු සදහා උපරිම මැදිහත්වීම සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකළ බවත් මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ලේකම්වරිය පවසා සිටියා.

  1. MAHA BANKUWA MAHA BHANDAGARAYA, DESHIYA WIDESHIYA SANCHITHA, MAHAJANA DEPOLA MAHAJANA MUDHAL MANKOLLA KEWE MUSALA RAJPAKSHA NADAYA SAHA UNGE BATH BELAYO. UN EWA MEHEN PITA KALA UGANDA, UNITED ARAB EMIRATES WANI RATAWALATA. EWAYIN EKA THAMABA SATHAYAK UN UNGE NEDE HATHTHA BURUTHTHA AYE MEHETA ENNE NAHE. EITH THAMATH APE BADHU SALLI WALIN SUPIRI JEEWITHA GATHA . DALA YANNEMA NAHE. MUNTA ONA MUS RATHHALAMA THAMAYI. ARU EYE KIYUWA ME YOJANA KARALA THIYENA EKATH MADHI. THAWA EKAK KARANNAMA ONA KIYALA. MATA MATHAK WENNE STAGE DRAMA THUNAK, EKAK MATA WEDI THIYAPAN, ANITH EKA MATA WEDI THIYANNE NATHI DHA, ANITH EKA WEERAYA MARILA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51