විදුලි බිල සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව 15 වනදා අවසන් තීරණය ගැනීමට පෙර විදුලිබල මණ්ඩලය සහ එම කොමිෂන් සභාව සාකච්ඡා කරන ලෙස ජාතික සභාව අද (13) දිනයේ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ඒ, අනුව අද (13) පස්වරුවේ හමුවී මේ පිළිබද සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයේ නිලධාරීන් එකඟත්වයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන අයගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාව අද (13) රැස්වූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවා.
විදුලි බල මණ්ඩලය 60%ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින පසුබිමක අවශ්‍ය ප්‍රතිශතය වැඩිකිරීමට අවසර නො ලැබුණහොත් බරපතල අර්බුදයකට මුහුණදීමට සිදුවන බවයි විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ.
ඒ, අනුව ඉදිරියේදී ගල්අඟුරු ආනයන කිරීමට පවා මුදල් නොමැතිවීම නිසා දීර්ඝ විදුලි කප්පාදුවකට යාමේ අවධානමක් ද පවතින බව ඔහු පෙන්වා දුන්නා.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් මෙහිදී පවසා සිටියේ විදුලි බල ගාස්තු වැඩිවීම පිළිබද අවසන් තීරණය ලබන 15 වැනිදා දැනුම්දීම සදහා මේවන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි.
විදුලිබල මණ්බලයේ දත්ත සහ මහජනතාව ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ වන විට ලබා ගෙන ඇති බවත් ඔවුන් සඳහන් කර සිටියා.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේවන විට විදේශ ගතව සිටීම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක්ව වුණා.
මීට මාස ගණනාවකට පෙර සැලසුම්කර තිබූ පරිදි නිසි අවසරයකින් පසු ඔවුන් විදේශ ගත වී ඇති බවත්, මෙම සියලු කටයුතු සදහා උපරිම මැදිහත්වීම සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකළ බවත් මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ලේකම්වරිය පවසා සිටියා.














MAHA BANKUWA MAHA BHANDAGARAYA, DESHIYA WIDESHIYA SANCHITHA, MAHAJANA DEPOLA MAHAJANA MUDHAL MANKOLLA KEWE MUSALA RAJPAKSHA NADAYA SAHA UNGE BATH BELAYO. UN EWA MEHEN PITA KALA UGANDA, UNITED ARAB EMIRATES WANI RATAWALATA. EWAYIN EKA THAMABA SATHAYAK UN UNGE NEDE HATHTHA BURUTHTHA AYE MEHETA ENNE NAHE. EITH THAMATH APE BADHU SALLI WALIN SUPIRI JEEWITHA GATHA . DALA YANNEMA NAHE. MUNTA ONA MUS RATHHALAMA THAMAYI. ARU EYE KIYUWA ME YOJANA KARALA THIYENA EKATH MADHI. THAWA EKAK KARANNAMA ONA KIYALA. MATA MATHAK WENNE STAGE DRAMA THUNAK, EKAK MATA WEDI THIYAPAN, ANITH EKA MATA WEDI THIYANNE NATHI DHA, ANITH EKA WEERAYA MARILA.