චීනය නිසා IMF ණය කල් යයි ?

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ලබා දෙන බව කියන කාලය ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ චීනය එකඟතාවකට නොපැමිණීම හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ මූල්‍ය පහසුකම ලබා ගැනීමට තවත් කල්ගත වනු ඇති බවයි.

චීනය ප්‍රකාශ කර ඇත්තේ ණය ගෙවීම වෙනුවෙන් වසර දෙකක සහන කාලයක් ලබාදෙන බවයි.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ ලබාදෙන බව කියූ අවුරුදු දෙකෙන් එක් වසරක් මේවන විට ද ගෙවී අවසන් වී ඇති බවයි.

ඒ අනුව මෙම වසර අවසානයේ හෝ ලබන වසර ආරම්භයේදී ම ණය නැවත ගෙවිය යුතු බවයි ඔහු කියාසිටියේ.

චිනය සමඟ ඍජුව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කිරීමට රජය විසින් කටයුතු කළ යුතු බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.

චීනයෙන් ලැබී ඇති සහාය ඉතා අඩු මට්ටමක පවතින අතර එය තවදුරටත් පැවතිය හොත් ශ්‍රී ලංකාවට ණය ලබාගැනීමේ වැඩසටහන තවදුරටත් කල් යනු ඇති බවයි මහාචාර්යවරයා කියාසිටියේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ශ්‍රී ලංකාවට දන්වා ඇත්තේ ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය රඳා පවතින බවයි.

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳව විශේෂ දැනුම්දීමක් සිදුකරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ බව දැනුම් දි තිබුණා.

ඉන්දියාව ලබා දුන් සහතිකය අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සඳහා පැරිස් සමාජය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගන්නා බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා පැවසුවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ණය හිමියන්ගෙන් අදාළ එකඟතාවයන් ලැබුණු විගස විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාවය, අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රමාණවත් සහතික ලබාගෙන ඉතිරි අවශ්‍යතා සපුරාගත් විගස, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකිවන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56