නිෂ්පාදන නවතන බවට පාකිස්ථාන ඖෂධ සමාගම් 40කින් අනතුරු ඇඟවීම්

අමුද්‍රව්‍ය නොමැතිකම සහ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පවතින නඩු ප්‍රමාදයන් පිළිබඳ සඳහන් කරමින් පාකිස්ථාන ඖෂධ සමාගම් 40ක් සිය නිෂ්පාදන කටයුතු නතර කරන බවට එරට ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට රජය වග බලා ගන්නා බවට එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතිකයක් ලබා දී තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන සමාගම් චෝදනා කරන්නේ සිය නිෂ්පාදන සඳහා ‘දුෂ්කරතා කාණ්ඩය’ යටතේ මිල වැඩි කරන ලෙස ඉල්ලා නඩු පැවරුවද එය තීන්දු කරන්නේ අධිකරණයෙන් නොවන බවටයි.

පකිස්ථානයේ පවතින නීති රීති අනුව දුෂ්කරතා කාණ්ඩය යටතේ, නිෂ්පාදන පිරිවැය උපරිම විකුණුම් මිල ඉක්මවා ගියහොත් මිල වැඩි කිරීම සඳහා අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට සමාගම් වෙත හැකියාව පවතිනවා.

පකිස්ථාන ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සයිඩ් ෆාරුක් බුහාරි විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ තම සංගමය විසින් සියයට 28.5ක මිල ඉහළ නැංවීමක් ඉල්ලා ඇති බවයි.

2018 වසරේ ඩොලරයක විකුණුම් අගය පාකිස්තානු රුපියල් 140ක් පමණ වූ නමුත් රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මේ වන විට එම අගය රුපියල් 270ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සමාගම් 40ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ එරට ඖෂධ නියාමන අධිකාරියට අදාළ දැනුම්දීම සිදුකර ඇත්තේ මේ තත්ත්වය පසුබිම් කරගෙනයි.

ඖෂධ සමාගම් දැඩි ඩොලර් හිඟයකට මුහුණ දී සිටින බව ඖෂධ කාර්යාංශයේ විධායක අධ්‍යක්ෂිකා අයේෂා ටැමි හක්ද ප්‍රකාශ කර තිබෙනවා.

“රජයට වාහන ගෙන්වීමට ඩොලර් තිබුණත් සෙසු කටයුතු වෙනුවෙන් ණයවර ලිපි විවෘත නොකිරීම කණගාටුවට කරුණක්. කන්ටේනර් ගණනාවක් මුදාහැරීමට නොහැකි වී තිබෙනවා. අපේ රටේ අමුද්‍රව්‍ය අවසන් වෙලා. එපමණක් නෙවෙයි රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීමත් එය මාසයක් තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල් 60 කින් පහත වැටීමත් බරපතළ තත්ත්වයක් “යැයි ඇය පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයාට, අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට යවන ලද ලිපිය මගින් ද සමාගම් පෙන්වා දී ඇත්තේ ඖෂධ කර්මාන්තය අමුද්‍රව්‍ය ආනයනය මත දැඩි ලෙස රඳා පවතින බවයි.

කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමෙන් පසු ජාත්‍යන්තර වෙළඳපොලේ සක්‍රීය ඖෂධ අමුද්‍රව්‍යවල එනම් ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍යවල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඖෂධ කර්මාන්තයට ප්‍රබල පහරක් එල්ල වුණා.

ඊට සමගාමීව, එම කාලය තුළ ඉන්ධන, විදුලිය, භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සහ ඇසුරුම් ද්‍රව්‍යවල පිරිවැය වැනි නිෂ්පාදන සාධක ද පෙර නොවූ විරූ ලෙස ඉහළ ගියා.

එම තත්ත්වය හමුවේ මහජනතාව ආරක්ෂා කිරීමට සහ පවතින තත්වයට පිළියම් යෙදීමට රජය සහ පාකිස්තාන ඖෂධ නියාමන අධිකාරිය කිසිදු පියවරක් ගැනීමට අපොහොසත් වූ බවටයි චෝදනා එල්ල වන්නේ.

එය ඖෂධ කර්මාන්තයේ බිඳ වැටීමට හේතු වී තිබෙන බවත් ඉදිරි සතිය වන විට ඖෂධ නිෂ්පාදනය සහ සැපයීම සම්බන්ධයෙන් සහතිකයක් ලබා දීමට නොහැකි මට්ටමට ප්‍රශ්නය ඔඩුදුවා ඇති බවත් සිය ලිපිය මගින් ඖෂධ සමාගම් පෙන්වා දී තිබෙනවා.

ජාතික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය බසීර් ඛාන් අචක්සායි පවසන්නේ අදාළ ලිපි ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට රජය සූදානමින් සිටින අතර පාකිස්ථානයේ ඖෂධ හිඟයක් ඇති නොවීමට රජය වග බලා ගනු ඇති බවයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57