කාන්තාවන් බහුතරයකට රැකියා කිරීමට නොහැකි වූ තත්ත්වයක් ගැන අනාවරණයක්

ශ්‍රී ලංකාව තුළ ළමයින් සදහා වන දිවාසුරැකුම් මධ්‍යස්ථාන නියාමනය සදහා නිසිපරිදි රෙගුලාසි නොමැති වීම විශාල ගැටලුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පාර්ලිමේන්තුවේදී අනාවරණ කර තිබෙනවා.

බොහෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානවල ඉහළ මිල ගණන් අයකිරීම, විශ්වසනීයත්වය නොමැතිවීම වැනි කාරණා නිසා මෙරට කාන්තාවන්ට රැකියාවකට යාම ගැටලුවක් වී ඇති බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව හෙළිවී තිබෙනවා.

කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන් බොහෝ පිරිසකට රැකියාවන් සදහා යොමුවීමට සිදුව ඇති බවයි.

එසේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ආයතනික ප්‍රතිපත්ති නොමැතිකම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සමාජයේ පවතින දැඩි සම්මතයන් සහ ස්වාමියාගේ සහය නොමැතිවීම වැනි හේතු නිසා කාන්තාවන්ට රැකියාවක නිරත වීමට බාධා පවතින බව ද මෙහිදී අනාවරණය කෙරුණා.

කාරක සභාව අමතමින් වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියේ දිවාසුරැකුම් මධ්‍යස්ථාන ඇතුළු ළමාරක්ෂක සේවා නියාමනය කිරීම සඳහා විධිවිධාන අත්‍යවශ්‍ය බවත්, ඒ පිළිබඳව කමිටුව විසින් සොයා බලන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් කාරක සභාව හමුවේ ඉදිරිපත් කරන ලද සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ අසාධාරණ වෙනස්කම් වැළැක්වීමේ පනත් කෙටුම්පත ද මෙහිදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.

ඉදිරිපත් කර ඇති යෝජනා පුළුල් බැවින්, යෝජිත පනත් කෙටුම්පත සලකා බැලීම සදහා අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කිරීමටද මෙහිදී තීරණය වුණා.

කාන්තාවන් සදහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත යන යෝජිත පනත් කෙටුම්පත්වල ප්‍රගතිය පිළිබදව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව එම පනත් කෙටුම්පත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි එහි සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ.

2023 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති මාලාවට අදාළ කෙටුම්පත මාර්තු 08 වන දින එළිදැක්වීමට ද මෙහිදී එකඟත්වය පළ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?