චීනයෙන් භූතානයටත් බොරු පොරොන්දු

සතුට යන සංකල්පය ලොවට හඳුන්වා දුන් ජාතිය ලෙසින් ප්‍රකට භූතානයේ ගොඩබිම් ද චීනය මේ වන විට නතුකර ගනිමින් සිටින බවට නේපාලය කේන්ද්‍රකරගත් කලාපීය ප්‍රවෘත්ති සේවයක් වාර්තා කරනවා.

මේ හේතුවෙන් තම උතුරු අසල්වැසියා වන චීනය සමඟ භූතාන වැසියන් තරමක් නොසතුටෙන් පසුවන බවයි Pardafas පුවත් සේවය පවසන්නේ.

එම වාර්තාවට අනුව භූතානයේ ඉඩම්වලට වැඩි වැඩියෙන් හිමිකම් කියමින්, දේශසීමා ආරවුල් සමථයකට පත් කිරීම සඳහා භූතානය සමඟ සාකච්ඡා කිරීමේ චීනයේ උපාය මාර්ගය ඊට හොඳම උදාහරණයක්.

සිය ගෝලීය අභිලාෂයන් සඳහා උපායමාර්ගිකව අත්‍යවශ්‍ය වන වටිනා සහ සංස්කෘතිකමය වශයෙන් වැදගත් භූමි ප්‍රදේශ ලබාදෙන ලෙස චීනය ඒ අවට කුඩා අසල්වැසියන් බිය ගන්වමින් සිටින බවයි මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

එමඟින් චීනය ඉලක්ක කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රධාන භූමියට ඊසානදිගින් සම්බන්ධ කරන පටු භූගෝලීය අවකාශයක් වන ඉන්දියාවේ සිලිගුරි කොරිඩෝවයි.

2021 ඔක්තෝබර් මාසයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් වන ‘භූතාන-චීන දේශසීමා සාකච්ඡා කඩිනම් කිරීම සඳහා වූ මාර්ග සිතියම හරහා භූතානය සමඟ ඇති ආරවුල විසඳා ගැනීමට චීනය කැමැත්තක් දක්වා ඇති බව පෙන්නුම් කළ ද චීනයේ සාකච්ඡා උපාය මාර්ග විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ සාකච්ඡා සඳහා අවශ්‍ය වන පරිදි, එය ස්ථිර වන තෙක් වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීම බව නේපාල වාර්තාව පෙන්වා දෙනවා.

චීනය – භූතාන දේශසීමාව කිලෝ මීටර් 500ක් පමණ දිගින් යුක්ත වන අතර ස්ථාන 04ක පමණ දේශ සීමා ආරවුල් පවතිනවා.
භූතානයේ උතුරු දිගින් පිහිටි පැසම්ලුන්ග් ( Pasamlung )සහ ජකර්ලුන්ග් (Jakarlung) නිම්නවලට චීනය හිමිකම් කීවද එම කලාප වැදගත් වන්නේය භූතානයටයි.

ඊට අමතරව සංස්කෘතිකමය වටිනාකමක් ඇති බටහිර ඩොක්ලාම් ඇතුළුව, යක් ප්‍රදේශයේ චු, සින්චුලුන්ග්පා සහ ලැන්ග්මාර්පෝ නිම්න ද චීන සහ භූතානය අතර ආරවුලට ලක්ව ඇති ප්‍රදේශ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03
Video thumbnail
මේක නිකන්ම නිකන් ශිෂ්‍යත්වයක් නෙවෙයි..අත්දැකීම් ගන්න..ප්‍රශ්නවලට මුහුණ දෙන්න l Harini Amarasuriya
11:53
Video thumbnail
පිටරට විශ්ව විද්‍යාලයට වරම් ලැබූ දක්ෂයින්ගේ දෙමාපියන් හැඩූ කඳුලින් කියූ දේ
02:33
Video thumbnail
අප්‍රේල් මාසයට අවශ්‍ය තරමට තෙල් තියෙනවා..ඉන්ධන මිල අඩු කරන්නද යන්නේ ?
06:37