දේශපාලන පළිගැනීම් සෙවූ කොමිසමේ නිර්දේශ ගැන අභියාචනාධිකරණයට දැනුම්දීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් සිදුකර තිබෙන නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ කොමිසම විසින් සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සම් අද කැදවනු ලැබූ අවස්ථාවේදී යි නීතිපති සංජේ රාජරත්නම් මහතා මෙම දැනුම් දීම සිදු කළේ.

නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කල කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් බල රහිත කරන ලෙස ඉල්ලා විවිධ පාර්ශව විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් 10 ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් 10 ක් ගොනු කර තිබෙන බවයි.

මෙම කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් යළි අධ්‍යයනය කිරීම සඳහා පත්කල විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලයද මේ වන විට කල් ඉකුත් වී ඇති අතර පත් කිරීමේ බලධාරියා විසින් එහි නිල කාලය තව දුරටත් දීර්ඝ කර නොමැති නිසා එම කොමිසම ද අකර්මණ්‍ය වී ඇතැයි නීතිපතිවරයා පෙන්වා දුන්නා.

මෙම තත්ත්වය හමුවේ දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

එබැවින් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෙත්සම් සියල්ල යළි නඩු පැවරීමේ අයිතිය පෙත්සම්කරුවන් වෙත ලබා දෙමින් අදාළ පෙත්සම්වල විභාගය අවසන් කරන ලෙසත් නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොනු කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අදාළ කොමිසම විසින් සිය සේවාදායකයින්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කිරීමේ නියෝගයක් තමන් අධිකරණය වෙතින් අපේක්ෂා කරන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගය සදහා දින නියම කරන ලෙසත් එම ජනාධිපති නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම් වල වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරිමට නියෝග කළ අධිකරණය මෙම පෙත්සම් විභාගය සඳහා මාර්තු මස 01 වනදා කැඳවන ලෙස නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16