කොළඹ මාර්ග කිහිපයක් වැසේ

විරෝධතා ව්‍යාපාර කිහිපයක් හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක් අවහිර වී තිබෙනවා.

කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ විරෝධතාවක් හේතුවෙන් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් ද වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර ගාලු මුවදොරට පිවිසෙන ලෝටස් මාර්ගය ද වසා දමා ඇති බව සඳහන්.

මේ අතර වෘත්තීය සමිති කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක්ෂාවට යුද හමුදාව ද කැඳවා තිබෙනවා.

මේ වන විට විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග රැසක් වැසී ඇති බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

උපයන විට ගෙවිය යුතු බදු ක්‍රමයට විරුද්ධව ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ද මතුවී තිබෙනවා.

මෙම තත්වය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය දෙපසින්ම වසා ඇති අතර ඒ හේතුවෙන් මෝටර් රථ ගමනාගමනයට බාධා ඇති වී ඇතැයි සඳහන්.

මේ අතර ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරය වළක්වාලමින් ආඥාවක් නිකුත් කරන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (08) ප්‍රතික්ෂේප කළා.

විරෝධතාකරුවන් සාමය කඩවන අයුරින් කටයුතු කළහොත් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසට නියෝග කරමිනුයි මහේස්ත්‍රාත්වරයා පොලිසිය කළ ඉල්ලීම එලෙස ප්‍රතික්ෂේප කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23