තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පිරිස අනපේක්ෂිත ලෙස ඉහළට

මධ්‍යම තුර්කියේ සහ වයඹදිග සිරියාවේ ඊයේ (06) ඇති වූ භූ කම්පනයෙන් තුර්කියේ මියගිය ගණන 2,316ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට බලධාරීන් පවසන්නේ තවත් පුද්ගලයින් 13,293 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම මේ වන විට පුද්ගලයින් 7,340 දෙනෙකු සහන සේවා කණ්ඩායම් විසින් මුදවාගෙන ඇති බවත් තුර්කි බලධාරීන් ප්‍රකාශ කරනවා.

එමෙන්ම වයඹදිග සිරියාවට ද බලපෑ මෙම ප්‍රභල භූ කම්පනය හේතුවෙන් එරට තුළ ද අවම වශයෙන් පුද්ගලයින් 1,293ක් පමණ මියගොස් ඇති බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

එමෙන්ම තවත් 3,411ක් තුවාල ලබා ඇති බව සිරියානු රජය සහ ගලවා ගැනීමේ සේවකයින් සඳහන් කර තිබෙනවා.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදවා ගැනීමේ මෙහෙයුම් සිරියාව තුළත් මේ වනවිටත් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනේ.

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවසුවේ ඊයේ දින සිරියාවට සහ තුර්කියට බලපෑ භූමිකම්පාවලින් පසුව වොෂින්ටනය සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ රජය සමඟ සම්බන්ධ කටයුතු නොකරන බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ රිච්ටර් මාපකයේ 7.8 ක කම්පනය එරට වේලාවෙන් 04:17 ට පමණ ගසියාන්ටේප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී සිදු ව ඇති බවයි.

එමෙන්ම දෙවන භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබලත්වයකින් යුක්ත වූ අතර, එහි අපිකේන්ද්‍රය කහමන්මාරස් පළාතේ එල්බිස්තාන් දිස්ත්‍රික්කයේ සිදුව ඇතිම් බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 08 ගුණයකින් පමණ ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?