තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පිරිස අනපේක්ෂිත ලෙස ඉහළට

මධ්‍යම තුර්කියේ සහ වයඹදිග සිරියාවේ ඊයේ (06) ඇති වූ භූ කම්පනයෙන් තුර්කියේ මියගිය ගණන 2,316ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට බලධාරීන් පවසන්නේ තවත් පුද්ගලයින් 13,293 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම මේ වන විට පුද්ගලයින් 7,340 දෙනෙකු සහන සේවා කණ්ඩායම් විසින් මුදවාගෙන ඇති බවත් තුර්කි බලධාරීන් ප්‍රකාශ කරනවා.

එමෙන්ම වයඹදිග සිරියාවට ද බලපෑ මෙම ප්‍රභල භූ කම්පනය හේතුවෙන් එරට තුළ ද අවම වශයෙන් පුද්ගලයින් 1,293ක් පමණ මියගොස් ඇති බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ.

එමෙන්ම තවත් 3,411ක් තුවාල ලබා ඇති බව සිරියානු රජය සහ ගලවා ගැනීමේ සේවකයින් සඳහන් කර තිබෙනවා.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදවා ගැනීමේ මෙහෙයුම් සිරියාව තුළත් මේ වනවිටත් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනේ.

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවසුවේ ඊයේ දින සිරියාවට සහ තුර්කියට බලපෑ භූමිකම්පාවලින් පසුව වොෂින්ටනය සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ රජය සමඟ සම්බන්ධ කටයුතු නොකරන බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ රිච්ටර් මාපකයේ 7.8 ක කම්පනය එරට වේලාවෙන් 04:17 ට පමණ ගසියාන්ටේප් නගරය ආසන්නයේ කිලෝමීටර් 17.9 (සැතපුම් 11) ගැඹුරකදී සිදු ව ඇති බවයි.

එමෙන්ම දෙවන භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබලත්වයකින් යුක්ත වූ අතර, එහි අපිකේන්ද්‍රය කහමන්මාරස් පළාතේ එල්බිස්තාන් දිස්ත්‍රික්කයේ සිදුව ඇතිම් බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 08 ගුණයකින් පමණ ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04