චීනයට ස්වභාවික වායුව විකිණූ රඛයින් ප්‍රාන්තය මියන්මාරයේ දෙවැනි දුප්පත්ම ප්‍රාන්තය බවට පත්වෙයි

මියන්මාරයේ පාලන බලය හොබවන මිලිටරි ජුන්ටාව විසින් 2022 වසරේ දී එරට රඛයින් ප්‍රාන්තයෙන් නිපදවන ඇමරිකානු ඩොලර් බිලියන 1.43ක් වටිනා ස්වාභාවික ගෑස් චීනයට අපනයනය කර තිබෙනවා.

චීන රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ රඛයින් අක්වෙරළේ පිහිටි ෂ්වේ ස්වභාවික වායු ව්‍යාපෘතිය මගින් නිපදවන ලද ගෑස් මියන්මාර-චීන ස්වභාවික වායු නල මාර්ගය හරහා චීනයට අලෙවි කර ඇති බවයි.

ඩොලර් බිලියනයක පමණ වියදමින් ඉදිකරන ලද මෙම ගෑස් නළ මාර්ගයෙන් වාර්ෂිකව ගෑස් ඝන මීටර් බිලියන 12ක් බෙදා හැරීමට සහ ප්‍රවාහනය කිරීමට හැකි බව පැවසෙනවා.

රඛයින් මුහුදු තීරයෙන් නිපදවන ස්වභාවික වායුව මැග්වේ, මැන්ඩලේ සහ ෂැන් යන ප්‍රාන්ත හරහා ගෑස් නළ මාර්ගයෙන් යොමු කෙරෙන්නේ චීනයේ යුනාන් ප්‍රාන්තය වෙතයි.

ගෑස්වලට අමතරව යුනාන් ප්‍රාන්තය දක්වා ඩොලර් බිලියන 1.5 කට වඩා වැඩි වියදමකින් කිලෝමීටර් 771ක් දිග බොරතෙල් නළ මාර්ගයක්ද ඉදිකර ඇති අතර, ඒ ඔස්සේ වාර්ෂිකව බොර තෙල් ටොන් මිලියන 22ක් ප්‍රවාහනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා .

චීන-මියන්මාර ගෑස් නළ මාර්ග ව්‍යාපෘතියේ කොටස්වලින් සියයට 7.36කට ද තෙල් නළ මාර්ග ව්‍යාපෘතියේ කොටස්වලින් සියයට 49.1කට ද හිමිකම් කියන්නේ මියන්මාර තෙල් සහ ස්වාභාවික ගෑස් ව්‍යවසායයි.

විදෙස් වාර්තාවලට අනුව, මියන්මාරය චීනයට වැඩිපුරම ගෑස් අපනයනය කරන රටවල් අතර ප්‍රධාන වනවා.

ටර්ක්මෙනිස්තානය සහ රුසියාවට පසුව ස්වභාවික ගෑස් අපනයනය කරන තුන්වන විශාලතම අපනයනකරු වන්නේද මියන්මාරයයි.

මියන්මාර-චීන ස්වභාවික ගෑස් නළ මාර්ගය සීමාසහිත අග්නිදිග ආසියානු ගෑස් නළ සමාගමේ වගකීම යටතේ පවතින අතර බොරතෙල් නල මාර්ගය කළමනාකරණය කරනු ලබන්නේ අග්නිදිග ආසියානු බොරතෙල් නළ සමාගම විසින්.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ රඛයින් ප්‍රාන්තයේ ස්වභාවික සම්පත්  මියන්මාර අනුප්‍රාප්තික රජයන් විසින් සෑම වසරකම බිලියන ගණනකට චීනයට අපනයනය කළද, රඛයින් ප්‍රාන්තය මියන්මාරයේ දෙවැනි  දුප්පත්ම ප්‍රාන්තය ලෙසත්  ඉහළම විරැකියා අනුපාතයන්ගෙන් සමන්විත ප්‍රාන්තයක් ලෙසත් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?