75 වන නිදහස් සමරුව වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් ශ්‍රී ලංකාවට

75 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වීම සදහා විදේශ රටවල අමාත්‍යවරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය දූත කණ්ඩායම් රැසක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කර තිබෙනවා.

ඒ අතරින් මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මියයි.

ඇය තම දූත පිරිස සමග පෙරේදා (01) මෙරටට ළඟා වුණා.

අනතුරුව අද බංගලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මොබන්, ජපාන විදේශ කටයුතු අමාත්‍ය ටකේ සුන්සුකේ, භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බින් රායි යන මහත්වරුන් සිය දූත පිරිස් සමග කටුනායක ගුවන් තොටුපළ ඔස්සේයි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් ලෙස ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මීට අමතරව නිදහස් උළෙලට සහභාගී වීම සදහා තානාපති නිලධාරීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ටියුනීසියාව, මොරොක්කෝව, බොට්ස්වානා, නේපාලය, පෝලන්තය, ලැට්වියාව, කසකස්තානය, ඝානාව, ගැම්බියාව, ඉන්දුනීසියාව, මාලි රාජ්‍යය, මොසැම්බික්, සර්බියාව, උගන්ඩාව, ඊශ්‍රායලය, සෙනගාලය, පිලිපීනය, ඉතාලිය සහ නයිජීරියාව යන රටවල තානාපති නිලධාරීන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26