කුරුණෑගලට නව නගරාධිපතිවරයෙක්

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරන සුමේධ අරුණ ශාන්ත තේරී පත්ව තිබෙනවා.

අද පැවති ඡන්ද විමසීමෙන් ඔහු ඡන්ද 10ක් ලබාගෙන නගරාධිපති ධුරයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

නගරාධිපති ධුරය වෙනුවෙන් පැවති ඡන්ද විමසීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විජයානන්ද වෙඩිසිංහ මහතා ද තරග වැදුණු අතර ඔහුට හිමිවී ඇත්තේ ඡන්ද 6ක් පමණයි.

නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව සිය ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවට දන්වමින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඒ පසුගිය දෙසැම්බර් මස 31 වනදා සිට නගරාධිපති ධුරය පුරප්පාඩු වූවා සේ සැලකිය යුතු බවට දැනුම් දෙමින්.

එම හේතුව මතයි නව නගරාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීමක් පැවැත්වුණේ.

2023 වසරට අදාළව හිටපු නගරාධිපති තුෂාර සංජීව ඉදිරිපත් කළ අයවැය ලේඛණය සම්පාදනය සහ බලාත්මක කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඔහු ඉල්ලා අස්වූවා සේ සැලකිය යුතු බවටයි ආණ්ඩුකාරවරයා ගැසට් නිවේදනයෙන් ප්‍රකාශ කර තිබුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39