මැතිවරණ කොමිසමේ තවත් අයෙකුට තර්ජන

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්. එම්. මොහොමඩ්ට ද සිය ධූරයෙන් ඉවත් වන ලෙසට තර්ජන එල්ලවී ඇතැයි වාර්තා වනවා.

කිසියම් පුද්ගලයෙකු දුරකථනය හරහා ඔහුට මරණ තර්ජන එල්ල කර ඇති බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්. එම්. මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සාමාජිකයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේවනවිට එම සාමාජිකයාට පොලිස් ආරක්ෂාවද ලබා දී ඇති බවද මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයා කියාසිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියාසිටියේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

තමන් දරණ ධූර වලින් ඉවත් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ තවත් සාමාජිකයින් දෙදෙනෙකුට මීට පෙර ද තර්ජනය කර තිබුණා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම තර්ජනාත්මක ඇමතුම් ලැබී ඇත්තේ එකම දුරකතන අංකයකින් බවයි.

ඩුබායි රාජ්‍යයේ සිට මෙම ඇමතුම් ලැබී ඇතැයි විශ්වාස කෙනෙ අතර වට්ස්ඇප් හරහා සැකකරුවන් තර්ජනය කර ඇත්තේ කොමිෂන් සභාවෙන් ඉල්ලා අස් නොවුණ හොත් ඝාතනය කරන බවටයි.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද නැද්ද යන කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නැහැ.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට ඉකුත් 25 වැනි දා ඉල්ලා අස්වීමේ ලිපියක් යවමින් දැනුම් දී තිබූ බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ එවැනි ලිපියක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32