මැතිවරණ කොමිසමේ තවත් අයෙකුට තර්ජන

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්. එම්. මොහොමඩ්ට ද සිය ධූරයෙන් ඉවත් වන ලෙසට තර්ජන එල්ලවී ඇතැයි වාර්තා වනවා.

කිසියම් පුද්ගලයෙකු දුරකථනය හරහා ඔහුට මරණ තර්ජන එල්ල කර ඇති බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්. එම්. මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සාමාජිකයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේවනවිට එම සාමාජිකයාට පොලිස් ආරක්ෂාවද ලබා දී ඇති බවද මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයා කියාසිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියාසිටියේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

තමන් දරණ ධූර වලින් ඉවත් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ තවත් සාමාජිකයින් දෙදෙනෙකුට මීට පෙර ද තර්ජනය කර තිබුණා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම තර්ජනාත්මක ඇමතුම් ලැබී ඇත්තේ එකම දුරකතන අංකයකින් බවයි.

ඩුබායි රාජ්‍යයේ සිට මෙම ඇමතුම් ලැබී ඇතැයි විශ්වාස කෙනෙ අතර වට්ස්ඇප් හරහා සැකකරුවන් තර්ජනය කර ඇත්තේ කොමිෂන් සභාවෙන් ඉල්ලා අස් නොවුණ හොත් ඝාතනය කරන බවටයි.

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද නැද්ද යන කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නැහැ.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට ඉකුත් 25 වැනි දා ඉල්ලා අස්වීමේ ලිපියක් යවමින් දැනුම් දී තිබූ බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ එවැනි ලිපියක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?