කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන දිවි හානිකරගෙන ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ තිස් හතර වියේ පසුවූ තරුණයකු වන අතර සිද්ධිය වී ඇත්තේ ඊයේ (25) දහවල් 12.30 ට පමණ බව පොලිසිය සඳහන් කරයි.

මෙම තරුණයා කිසියම් මානසික අවපීඩන තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එම රෝහලට පෙරේදා ඇතුළත් කරනු ලැබ සිටියේය. ඔහු මෙසේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේම නාන කාමරයට ගොස් එහි ජනේලයකින් බිමට පැන සියදිවි හානිකරගෙන ඇතැයි දැනට කරන ලද පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබෙන බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මේ සිද්ධිය වන අවස්ථාවේදී ඔහුගේ පෙම්වතියද රෝහලේ කාමරයේ සිට ඇති බවත් සිද්ධිය දැන ගැනීමෙන් පසුව ඇය මරළතෝනි දෙමින් දස අතේ දිවගොස් තිබෙන බවත් වාර්තා වෙයි. මියගිය තරුණයාගේ පියා කොළඹ නගරයේ ප්‍රසිද්ධ ආයතන කිහිපයක හිමිකරුවෙකි. මේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

News Update – දහවන මහළින් පැන්න තරුණයාගේ මරණය සැකසහිතයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21