රෂීඩ් ඛාන්ගේ විස්සයි විස්ස පිටියේ දී පෙරළිකාර වාර්තාවක්

ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට විස්සයි විස්ස කඩුලු 500 සීමාව පසු කිරීමට ඊයේ හැකියාව ලැබුණා.

අනුව ඔහු වාර්තා අතරට එක්වන්නේ විස්සයි විස්ස පිටිය තුළ කඩුලු 500ක් දවාගත් දෙවන ක්‍රීඩකයා ලෙසටයි.

මීට පෙර විස්සයි විස්ස පිටිය තුළ එම දස්කම දක්වා තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ පමණයි.

දකුණු අප්‍රිකා 20-20 ලීගයේ මුම්බායි ඉන්දියන්ස් කේප් ටවුන් සහ ප්‍රිටෝරියා කැපිටල්ස් අතර පැවති තරගයේ දී රෂීඩ් ඛාන්ට කඩුලු 500 සම්පූර්ණ කිරීමට හැකියාව ලැබුණා.

එහිදී ඔහුගේ 500 වන කඩුල්ල සම්පූර්ණ කළේ ප්‍රිටෝරියා කැපිටල්ස් කණ්ඩායමේ සයිල්ඩ් ෆොර්චුවන්ගේ කඩුල්ල දවා ගනිමින්.

මේ අතර ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට පළමු ස්ථානයේ පසුවන්නේ 24 හැවිරිදි වියේ පසුවන රෂිඩ් ඛාන් වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32