බ්‍රසීල හමුදාපති ධුරයෙන් පහ කෙරේ

බ්‍රසීලයේ හමුදාපති ජූලියෝ සීසර් ඩි අරූඩා එම ධූරයෙන් පහ කිරීමට ජනාධිපති ලූලා ද සිල්වා පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ පසුගියදා බ්‍රසිලයේ පැවැති මහජන විරෝධතාවල ප්‍රතිපලයක් ලෙස ජනාධිපතිවරයා විසින් හමුදාපතිවරයාව ධූරයෙන් පහ කිරීමට පියවර ගෙන ඇති බවයි.

එම මහජන විරෝධතා හිටපු ජනාධිපති ජෙයාර් බොල්සනාරෝගේ ආධාරකරුවන් විසින් සංවිධාන කර තිබූ අතර ඔවුන් බ්‍රසීලයේ කොංග්‍රස් ගොඩනැගිල්ලට සහ අධිකරණ සංකීර්ණයට කඩා වැදී හානි කර තිබුණා.

වත්මන් හමුදාපතිවරයා පත් කරන ලද්දේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ විසින්.

ඒ, ඔහුගේ ධූර කාලය අවසන් වීමට දින 02 කට පෙර ඉකුත් දෙසැම්බර් 30 වනදායි. අනතුරුව වත්මන් ජනාධිපති ලූලා ද සිල්වාගේ පරිපාලනය විසින් ද එම පත්වීම අනුමත කර තිබුණා.

යුද හමුදාපතිවරයා එම ධූරයෙන් පහ කිරීමෙන් අනතුරුව එරට හමුදාවේ අණදෙන නිලධාරියෙකු නව හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !