කෝටි 10ක් දෙන්න මට සල්ලි නෑ – ජනතාවගෙන් එකතු කරලා ගෙවන්න සූදානම්

අධිකරණයෙන් කළ නියෝගය අනුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි 10ක මුදලක් ලබාදීමට තමන්ට වත්කමක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ තමා දේශපාලනයේ නිරත වෙමින් කිසිදු ආකාරයකින් දූෂණ වංචාවලට සම්බන්ධ වීමක් හෝ මුදල් එක්රැස් කර ගැනීමක් සිදුකර නොමැති බවයි.

තමාගේ බලාපොරොත්තුව රට පුරා සිටින තම පාක්ෂිකයන් ඇතුලු ජනතාවගෙන් කෝටි 10ක මුදල එකතු කර ගැනීම අපේක්ෂාව වන අතර වසර 34ක් පුරා තම දේශපාලන දිවිය තුල සෑම වසරකම වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවට ලබාදී ඇති බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ.

විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට රජයෙන් ලබාදෙන වාහන තුනක් පමණක් තමා සතුව පවතින අතර වෙනත් යතුරුපැදියක් හෝ තමාට නොමැති බවන හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ජනාධිපතිවරයා ලෙසට කටයුතු කරන සමයේ සිදුකළ නිල විදෙස් සංචාර ද සිදු කරනු ලැබුවේ ජාත්‍යන්තර සංවිධානවලින් ලැබුණු ටිකට්පත්වලින් බවයි ඔහු කියාසිටියේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මාධ්‍ය හමුව ආරම්භ කරන අවස්ථාවේ විදුලිය විසන්ධි වීමක් ද සිදුවූ අතර ඔහු මාධ්‍ය හමුව පවත්වනු ලැබුවේ දුරකථන සහ ඊට පෙර විදුලි ආරෝපණය කර තිබූ විදුලි බල්බ යොදා ගනිමිනුයි.

https://www.youtube.com/watch?v=Hrr-fuTtpdY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39