AFC Banner
Empty Ad
Empty Ad

සෙනසුරාදා (21) කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසකට සෙනසුරාදා (21) පැය 09ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ සෙනසුරාදා පෙරවරු 11.00 සිට පස්වරු 08.00 දක්වා අදාළ ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

කොළඹ, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, මෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, සහ රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකිරීමට නියමිත නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුව ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?