හිටපු ජනපති මෛත්‍රී සහ ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆොන්සේකා මහතා අද විවාදය අතර පෙන්වා දුන්නේ 2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ පරිදි රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවීමට හිටපු ජනාධිපතිවරයා මහජනතාවගෙන් මුදල් අයකර ගැනීමේ උත්සාහයක නිරත වන බවටයි.

පිටකොටුවේ සිට කැට තබාගෙන මුදල් එකතු කරන පුද්ගලයන් රටේ ජනාධිපතිවරයා ලෙස පත් කළහොත් රටට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ යුද හමුදා මූලස්ථානය බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ අයෙකුට තමන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට අයිතියක් නොමැති බවයි.

ෆොන්සේකා මහතා සිරෙන් නිදහස් කර නැවත ෆීල්ඩ් මාෂල් ධූරයට පත් කිරීමට හේතුව තමා බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.

https://www.youtube.com/watch?v=5ZLUp9fPmgQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32