බීමතින් බස් රථයට ගොඩ වූ සිව්දෙනෙක් මහ මඟ ගිය දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ දමයි

මාතර සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයකට බීමතින් ගොඩවූ පුද්ගලයන් පිරිසක් වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ දී එහි රියදුරුට පහරදීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව සිදු වූ අනතුරකින් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තවත් අයෙක් බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ඊයේ (16) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මියගොස් ඇත්තේ දෙවිනුවරප්‍රදේශයේ පදිංචි 47හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

අනතුරුන් තුවාල ලබා ඇත්තේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ 68 හැවිරිදි මව බවයි දැනගන්නට ලැබුණේ.

මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෙම බස් රථයට වැලිගම නගරයෙන් බීමතින් ගොඩවූ පුද්ගලයින් සිව්දෙනෙක් බස් රථයේ රියදුරු සමඟ බහින් බස් වීමක් ඇතිකර ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් රියදුරුට වැලිගම, කප්පරතොට පාලම අසලදී පහරදීමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී රියදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව ධාවනය වී මාර්ගයේ ගමන් කරමින් සිටි මව සහ පුත්‍රයාගේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔවුන් දෙදෙනා කප්පරතොට ප්‍රදේශයේ පැවැති මංගල්‍ය උත්සවයකට සහභාගීව යළි නිවස බලා පැමිණෙමින් සිටිය දී මම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ බීමතින් පැමිණ බස් රථයේ රියදුරුට පහර දුන් සිව්දෙනාගෙන් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමට සම්බන්ධ අනෙක් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35