සතොස තවත් භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දමයි

ලංකා සතොස මගින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාණ්ඩ වර්ග 4ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සම්බා රුපියල් 05කින්, සුදු කැකුළු (දේශීය) රුපියල් 16කින්, සුදු නාඩු (දේශීය) රුපියල් 07කින්, පාන් පිටි රුපියල් 05කින් මිල පහත දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 220ක්, සුදු කැකුළු (දේශීය) කිලෝවක් රුපියල් 189ක්, සුදු නාඩු (දේශීය) කිලෝවක් රුපියල් 198ක්, පාන් පිටි කිලෝවක් රුපියල් 240කටත් ලබාගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?