කලක් තහනම් වූ ආයතනයක් ශ්‍රී ලංකාවේ යළි විවෘත වෙයි

කටාර් පුණ්‍යායතනය (Qatar Charity) සිය කාර්යාලය යළිත් ශ්‍රී ලංකාවේ විවෘත කර තිබෙනවා.

ඒ එම ආයතනයට ශ්‍රී ලංකාව තුළ පනවා තිබූ තහනම පසුගිය වසරේ ඉවත් කිරීමෙන් අනතුරුවයි.

කටාර් පුණ්‍යායතනය කටාර් රජයේ ප්‍රධාන පුණ්‍යායතනයක් වන අතර එය ශ්‍රී ලංකාව තුළ තහනම් කරන ලද්දේ හිටපු අමාත්‍ය සරත් වීරසේකර විසින් එල්ල කරන ලද චෝදනා මත යි.

ශ්‍රී ලංකාව ‘කටාර් පුණ්‍යායතනය’ ත්‍රස්තවාදී ආයතනයක් ලෙස නම් කර තිබූ අතර නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ නඩුවට අදාළව ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සපයන බවට පුණ්‍යායතනයට චෝදනා කර තිබුණා.

පසුව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කටාර් රාජ්‍යයේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදී යි අදාළ එම තහනම ඉවත් කරනු ලැබුවේ.

අද එම කාර්යාලය යළි විවෘත කිරීමේ අවස්ථාවේදී, කටාර් පුණ්‍යායතනය විසින් 2023 වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 11.7ක් වටිනා මානුෂීය ආධාර ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.

එම මුදල් රජයේ අවශ්‍යතා අනුව හඳුනාගත් ප්‍රදේශ සඳහා වෙන් කරනු ඇති.

කටාර් පුන්‍යායතනය නැවත විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විදේශ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශකර ඇත්තේ ශ්‍රී ලංකාවේ පීඩාවට පත්වූවන් වෙනුවෙන් සහාය වීමට කටයුතු කිරීම පිළිබඳ ආයතනයට ස්තූතිවන්ත වන බවයි.

ට්විටර් සටහනක් තබමින් ඔහු මේබව ප්‍රකාශයට පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30