ආධාරකරුවන් විරෝධතා කරද්දී බ්‍රසීල හිටපු ජනපති රෝහල්ගත වෙයි

අන්ත දක්ෂිනාංශික පාලකයෙකු ලෙසට සැලකෙන බ්‍රසීල හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ රෝහල් ගත කර තිබෙනවා.

උදරයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් ඔහු ෆ්ලොරිඩාවේ රෝහලකට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගත වූ සති අන්තයේ ඔහුගේ ආධාරකරුවන් 1500ක් පමණ බ්‍රසීල අගනුවර ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති මන්දිරය ඇතුළු ප්‍රධාන ගොඩනැගිලිවලට පහර දී කලහකාරී තත්ත්වයක් ද නිර්මාණය වුණා.

ඔක්තෝම්බර් මස පැවති මැතිවරණයෙන් බොල්සොනාරෝ පරාජය කිරීමෙන් පසු ජනවාරි 01 වන දින බලයට පත් වූ වාමාංශිකයෙකු වන ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා අවධාරණය කළේ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බවයි.

කැරළිකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය පෙරලා දැමීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළා.

රාජ්‍ය ආයතනවලට එල්ල වූ දරුණුතම ප්‍රහාරයේ දී මැර පිරිස් කොන්ග්‍රසය, ශ්‍රේෂ්ඨාධිකරනය සහ ජනාධිපති කාර්යාලයට කඩා වැදී ජනෙල්, ගෘහ භාණ්ඩ සහ කලා නිර්මාණ කඩා බිඳ දැමූවා.

නිල කාලය අවසන් වීමට දින කිහිපයකට පෙර එක්සත් ජනපදයට පළා ගිය බොල්සොනාරෝ සඳුදා ඔර්ලන්ඩෝ හි රෝහලකට ඇතුලත් වී ඇත්තේ 2018 වසරේ මැතිවරණ ව්‍යාපාරයේදී සිදුවූ පිහි ඇනුමකට සම්බන්ධ බඩවැලේ වේදනාවක් ගැන සඳහන් කරමින්.

කෙසේවෙතත් ඔහුගේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට බඩවැල් ආශ්‍රිතව අවහිරයක් ඇති අතර එය බරපතල නොවන බැවින් ශල්‍යකර්මයක් අවශ්‍ය නොවන බවයි.

මේ අතර විදෙස් මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බොල්සොනාරෝ කියා සිටියේ තමා ජනවාරි අවසානය දක්වා එක්සත් ජනපදයේ රැඳී සිටීමට සැලසුම් කර තිබුණ ද පවතින අසනීප තත්ත්වය හමුවේ වෛද්‍යවරුන් හමුවීමට ඉක්මනින් නැවත බ්‍රසීලයට යාමට සැලසුම් කර ඇති බවයි.

ඒ බ්‍රසීලයේ වෛද්‍යවරුන් තමාගේ තුවාලය හේතුවෙන් පවතින බඩවැල් අවහිරතා පිළිබඳ හොඳින් දැනුවත්ව සිටීම හේතුවෙන් බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00
Video thumbnail
මහනුවර සිට පේරාදෙණියට මහ පාරේ යන්න සැරසෙන කෝච්චිය - අද ඇරඹෙන අසාමාන්‍ය මෙහෙයුම
02:55
Video thumbnail
SPA ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ? - බලපත්‍ර තියෙන ආයතනත් වටලලා කාන්තාවෝ කුදලන් යනවා
11:17
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු ?
00:55
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප - මහ වැස්සේ අධිකරණයට ආපු හැටි
01:48