මාර්තු 19ට පෙර මැතිවරණය පැවැත්විය යුතුයි

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මාර්තු මස 19 වනදාට පෙර පවත්වා අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු සඳහන් කළේ මෙවර මැතිවරණය ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩු වියදමකින් අවසන් කළ හැකි බවයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා කියාසිටියේ මෙවර මැතිවරණය සඳහා යොදාගනු ලබන්නේ 2022 ඡන්ද හිමි නාමලේඛනය බවයි.

මැතිවරණ පනතේ පවතින නීති අනුව සියලු කටයුතු සිදුවන අතර නීතියෙන් නියෝගයක් ලැබෙන තෙක් මැතිවරණයට අදාළ කටයුතු සිදුකරන බව ද ඔහු සඳහන් කළා.

දැනට පවතින තත්වය මත වියදම සම්බන්ධයෙන් ඇස්තමේන්තු ගත කළ අතර ඒ අනුව, රුපියල් බිලියන 10ක මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් වනු ඇති බවයි සමන් ශ්‍රී රත්නායක මහතා කියාසිටියේ.

පසුදිය මැතිවරණයට රුපියල් බිලියන 8ක් ඇස්තමේන්තුගත කර තිබුණ ද එය කොවිඩ් -19 තත්ත්වය තුළ මිලියන 5.8කින් අවසන් කර ගැනීමට හැකිවූ බව ද මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15