පොදුජන පෙරමුණ කළුතරින් ඇප තැන්පත් කර වැඩ අරඹයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා පළමු වරට ඇපමුදල් තැන්පත් කිරීම අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකරනු ලැබුවා.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 13ක් සහ නගර සභා 4ක් වශයෙන් පළාත් පාලන ආයතන 17ක් වෙනුවෙනුයි මෙහිදී ඇපමුදල් තැනපත් කෙරුණේ.

ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිස කළුතර බෝධීන් වහන්සේ වෙත පැමිණ ආශීර්වාද ලබා ගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු , සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න සහ හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24