Empty Ad
AFC Banner
Empty Ad

කංජිපානි ඉම්රාන්ට ඇප දෙන්න අත්සන් කළ අයට සිතාසි

ඉන්දියාවට පළාගිය බවට සැලකෙන කංජිපානි ඉම්රාන්ට ඇප ලබාදීම වෙනුවෙන් අත්සන් කළ 3 දෙනාට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙක් වන වන කංජිපානි ඉම්රාන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත පැමිණ ඇති බවටයි ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කළේ.

තමිල්නාඩු බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර වෙරළබඩ දිස්ත්‍රික්කවල ඉහළ පොලිස් නිලධාරීන්ට දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙසටයි.

කුප්‍රකට පාතාල කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි’ ඉම්රාන් මෙරට අධිකරණයකින් ඇප මත මුදාහැර දින කිහිපයකට පසු මෙලෙස රාමේෂ්වරම් ප්‍රදේශයට යාම විශේෂත්වයක්.

වෙරළබඩ දිස්ත්‍රික්කවල සෝදිසියෙන් සිටින ලෙසට සහ දෙසැම්බර් 25 වන දින රාමනාතපුරම් දිස්ත්‍රික් වෙරළ තීරයට ගොඩ බැස ඇති කංජිපානි ඉම්රාන් මෙන්ම ඔහුගේ සගයා පිළිබඳ සොයා බලන ලෙසටයි තමිල්නාඩු බුද්ධි අංශ ප්‍රාන්තය පුරා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අනතුරු අඟවා ඇත්තේ.

පුද්ගල ඝාතන සහ සාපරාධී බිය ගැන්වීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කංජිපානි ඉම්රාන් 2019 දී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබුණා.

සැකකරු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි පසුගියදා අධිකරණය නිදහස් කරනු ලැබුවේ.

ඇප මත මුදා හැරීමෙන් පසු සැකකරු ඉන්දියාවට ඇතුළු වීමට සැලසුම් කර ඇති බවට මධ්‍යම බුද්ධි අංශවලින් සහ විශ්වාසදායක ආරංචි මාර්ගවලින් රාජ්‍ය බුද්ධි අංශයට නිශ්චිත තොරතුරු ලැබී තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔහු වෙස් වළාගෙන අධිකරණයෙන් පිටව යාමෙන් අනතුරුව තලෙයිමන්නාරමට ගොස් එහි සිට ඔහුගේ සගයන් මාර්ගයෙන් ඉන්දියාවට පැන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටි බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

කංජිපානි ඉම්රාන් යනු ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ රොයින් සහ කොකේන් සැපයුම්කරුවන් සමඟ දැඩි සම්බන්ධතා ඇති මත්ද්‍රව්‍ය රජෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකකරු තමිල්නාඩුවට ඇතුළුවීම සිදුවන්නේ අපරාධ චෝදනාවලට ලක්ව සිටින විදේශීය ජාතිකයන් රඳවා සිටින තිරුචි හි විශේෂ කඳවුරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් ජාතික විමර්ශන ඒජන්සිය හෙළිදරව් කරන පසුබිමකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රටට වෙන්න යන දේ හිතාගන්න බෑ - ඉක්මණට රනිල්ගේ උපදෙස් ගන්න
09:58
Video thumbnail
රනිල්ට එක කෝල් එකෙන් ට්‍රම්ප්ට්ට ගන්න පුළුවන් - රාජිත රහස් සියල්ල එළියට දායි
06:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:03:55
Video thumbnail
රාජිත JVP එක නැත්තට නැති කරයි - විජේවීර කියන්නේ පට්ට ද්‍රෝහියෙක්
07:00
Video thumbnail
රාජිත ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි
09:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23

?