කංජිපානි ඉම්රාන්ට ඇප දෙන්න අත්සන් කළ අයට සිතාසි

ඉන්දියාවට පළාගිය බවට සැලකෙන කංජිපානි ඉම්රාන්ට ඇප ලබාදීම වෙනුවෙන් අත්සන් කළ 3 දෙනාට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙක් වන වන කංජිපානි ඉම්රාන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත පැමිණ ඇති බවටයි ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කළේ.

තමිල්නාඩු බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර වෙරළබඩ දිස්ත්‍රික්කවල ඉහළ පොලිස් නිලධාරීන්ට දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙසටයි.

කුප්‍රකට පාතාල කල්ලි නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි’ ඉම්රාන් මෙරට අධිකරණයකින් ඇප මත මුදාහැර දින කිහිපයකට පසු මෙලෙස රාමේෂ්වරම් ප්‍රදේශයට යාම විශේෂත්වයක්.

වෙරළබඩ දිස්ත්‍රික්කවල සෝදිසියෙන් සිටින ලෙසට සහ දෙසැම්බර් 25 වන දින රාමනාතපුරම් දිස්ත්‍රික් වෙරළ තීරයට ගොඩ බැස ඇති කංජිපානි ඉම්රාන් මෙන්ම ඔහුගේ සගයා පිළිබඳ සොයා බලන ලෙසටයි තමිල්නාඩු බුද්ධි අංශ ප්‍රාන්තය පුරා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අනතුරු අඟවා ඇත්තේ.

පුද්ගල ඝාතන සහ සාපරාධී බිය ගැන්වීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කංජිපානි ඉම්රාන් 2019 දී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබුණා.

සැකකරු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි පසුගියදා අධිකරණය නිදහස් කරනු ලැබුවේ.

ඇප මත මුදා හැරීමෙන් පසු සැකකරු ඉන්දියාවට ඇතුළු වීමට සැලසුම් කර ඇති බවට මධ්‍යම බුද්ධි අංශවලින් සහ විශ්වාසදායක ආරංචි මාර්ගවලින් රාජ්‍ය බුද්ධි අංශයට නිශ්චිත තොරතුරු ලැබී තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔහු වෙස් වළාගෙන අධිකරණයෙන් පිටව යාමෙන් අනතුරුව තලෙයිමන්නාරමට ගොස් එහි සිට ඔහුගේ සගයන් මාර්ගයෙන් ඉන්දියාවට පැන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටි බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

කංජිපානි ඉම්රාන් යනු ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ රොයින් සහ කොකේන් සැපයුම්කරුවන් සමඟ දැඩි සම්බන්ධතා ඇති මත්ද්‍රව්‍ය රජෙක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකකරු තමිල්නාඩුවට ඇතුළුවීම සිදුවන්නේ අපරාධ චෝදනාවලට ලක්ව සිටින විදේශීය ජාතිකයන් රඳවා සිටින තිරුචි හි විශේෂ කඳවුරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් ජාතික විමර්ශන ඒජන්සිය හෙළිදරව් කරන පසුබිමකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30