ශිව දෙවියන්ට සහ විෂ්ණු දෙවියන්ට අපහාස කළ අයෙක් අත්අඩංගුවට

ශිව දෙවියන්ට සහ විෂ්ණු දෙවියන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ පුද්ගලයා ඉන්දියාවේ – කොඩංගල් හි පැවති අදේවවාදී සංගමයේ රැස්වීමක් අමතමින් මෙලෙස ශිව දෙවියන්ට සහ විෂ්ණු දෙවියන්ට සමච්චලයට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ භාරත නාස්තික සමාජයේ (ඉන්දියාවේ අදේවවාදී සංගමයේ) තෙලන්ගානා සභාපති භයිරි නරේෂ් නැමැති පුද්ගලයා බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

විකාරාබාද් පොලිස් අධිකාරී එන්. කෝටි රෙඩ්ඩි පැවසුවේ නරේෂ්ගේ ජංගම දුරකථන ඇමතුම් දත්ත නිරීක්ෂණය කිරීමෙන් පසු හනම්කොන්ඩා දිස්ත්‍රික්කයේ කමලාපූර්හිදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

මීට අමතරව දින කිහිපයකට පෙර කොඩංගල් නගරයේ දී හින්දු දෙවිවරුන්ට අවමන් සහගත ප්‍රකාශයක් කළ බව කියන නරේෂ්ගේ වැඩසටහන සංවිධානය කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් දෙදෙනාම විකාරාබාද්හි ප්‍රාදේශීය අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබෙනවා.

ආගම පදනම් කරගෙන විවිධ කණ්ඩායම් අතර සතුරුකම ප්‍රවර්ධනය කිරීම, ඕනෑම කණ්ඩායමකගේ ආගමට හෝ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් ඔවුන්ගේ ආගමික හැඟීම් කෝපයට පත් කිරීමට අදහස් කරන හිතාමතාම සහ ද්වේෂසහගත ක්‍රියාවන් යටතේ නරේෂ්ට එරෙහිව නඩු පවරා ඇති බවයි පොලිස් අධිකාරීවරයා පැවසුවේ.

මොහුගේ එම ප්‍රකාශයත් සමඟ හින්දු කණ්ඩායම් එක්ව නරේෂ්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිකුරාදා ප්‍රදේශය පුරා විරෝධතා පැවැත් වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
01:15