ශිව දෙවියන්ට සහ විෂ්ණු දෙවියන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ පුද්ගලයා ඉන්දියාවේ – කොඩංගල් හි පැවති අදේවවාදී සංගමයේ රැස්වීමක් අමතමින් මෙලෙස ශිව දෙවියන්ට සහ විෂ්ණු දෙවියන්ට සමච්චලයට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ භාරත නාස්තික සමාජයේ (ඉන්දියාවේ අදේවවාදී සංගමයේ) තෙලන්ගානා සභාපති භයිරි නරේෂ් නැමැති පුද්ගලයා බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
විකාරාබාද් පොලිස් අධිකාරී එන්. කෝටි රෙඩ්ඩි පැවසුවේ නරේෂ්ගේ ජංගම දුරකථන ඇමතුම් දත්ත නිරීක්ෂණය කිරීමෙන් පසු හනම්කොන්ඩා දිස්ත්‍රික්කයේ කමලාපූර්හිදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
මීට අමතරව දින කිහිපයකට පෙර කොඩංගල් නගරයේ දී හින්දු දෙවිවරුන්ට අවමන් සහගත ප්‍රකාශයක් කළ බව කියන නරේෂ්ගේ වැඩසටහන සංවිධානය කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඔවුන් දෙදෙනාම විකාරාබාද්හි ප්‍රාදේශීය අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබෙනවා.
ආගම පදනම් කරගෙන විවිධ කණ්ඩායම් අතර සතුරුකම ප්‍රවර්ධනය කිරීම, ඕනෑම කණ්ඩායමකගේ ආගමට හෝ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් ඔවුන්ගේ ආගමික හැඟීම් කෝපයට පත් කිරීමට අදහස් කරන හිතාමතාම සහ ද්වේෂසහගත ක්‍රියාවන් යටතේ නරේෂ්ට එරෙහිව නඩු පවරා ඇති බවයි පොලිස් අධිකාරීවරයා පැවසුවේ.
මොහුගේ එම ප්‍රකාශයත් සමඟ හින්දු කණ්ඩායම් එක්ව නරේෂ්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිකුරාදා ප්‍රදේශය පුරා විරෝධතා පැවැත් වූවා.














DEVIYEKUTA MINISEKU HO YAKEKU WIYA NOHAK. YAKEKUTA DEVIYEKU HO
MINSEKU WIYA NOHAKA. NAMUTH MINISEKUTA UTHUM MINISEKU LESATH DEVIYEKU LESATH YAKEKU LESATH SIYA ATHMAYA KARMAYA ANUWAMAM GALAPA GATHA HEKA. EYINMA MANUSH BAWA LABEEME WEDAGATH KAMA WATAHA GANU MANAWI.