අගලවත්තේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 3 දෙනෙකුට තුවාල

අගලවත්ත පිඹුර රෝහල අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ගමන් කළ යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගොස් ඇත්තේ මහගම මාහින්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි අයෙක්.

යතුරුපැදියේ පසුපස ගමන් ගත් මියගිය අයගේ සහෝදරයා, ලොරි රියදුරු සහ සහායකයා තුවාල ලබා නාගොඩ සහ පිඹුර රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

පොලේගොඩ සිට අගලවත්ත දෙසට ධාවනය වූ ලොරි රථය ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ද ගැටී පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.

කැබ් රථ රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අගලවත්ත පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?