ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඩොලර් 20,000ක දඩයක්

උස්බෙකිස්තානයේ පැවැත්වුණු අවුරුදු 17න් පහළ ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වීම පැහැර හැර ඇති බවට චෝදනා කරමින් ආසියානු පාපන්දු සම්මේලනය (AFC) විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 20,000ක දඩයක් පනවා තිබෙනවා.

2022 ඔක්තෝබර් මස 5 වෙනිදා සිට 9 වෙනිදා දක්වා උස්බෙකිස්තානයේ පැවැත්වුන මෙම තරඟාවලියට ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම සහභාගී වන බවට සහතික වී තිබුණ ද අවසන් මොහොතේ එම සංචාරය ඇන හිටි තිබුණා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) විනය කමිටුව, තරඟ නීති රීති කඩකිරීමේ චෝදනාව මතයි ඇමෙරිකානු ඩොලර් 20,000ක දඩයක් ශ්‍රී ලංකාවට පනවා ඇත්තේ.

මෙයට අමතරව ඉදිරි තරඟාවලියට සහභාගී වීම සඳහා තහනමක් පැනවීමට ද සලකා බලමින් සිටින බවටයි වාර්තා වන්නේ.

දැනට ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන පාපන්දු අර්බුදයට මෙම මූල්‍යමය දඩය තවත් බරපතල ප්‍රහාරයක් බව පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙනවා.

එසේම, ඉදිරි දින කිහිපය තුල ජාත්‍යන්තර පාපන්දු තහනමට සහ මූල්‍ය සම්බාධකයකට ශ්‍රී ලංකාව ලක්වීමට බොහෝ දුරට ඉඩක් තිබෙන බවද වාර්තා වනවා.

ආසියානු කුසලාන තරඟාවලිය සඳහා අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා පාපන්දු ජාතික කණ්ඩායමට උස්බෙකිස්තානයේ පැවැත්වු තරඟාවලිය සඳහා සහභාගී වීමට නොහැකිවූයේ ක්‍රීඩා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අතර හටගත් මත ගැටුමයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පසුගිය සැප්‍තැම්බර් 23 වනිදා ක්‍රීඩා සංගම්වලට ධූර කාලය මාස දෙකකින් දිගු කර දුන් ගැසට් පත්‍රය අවලංගු කිරීමත් එයට සුදුසු විකල්පයක් ලබා නොදීමත් නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සියළු කටයුතු ඇණහිට තිබීම ඊට හේතුව බවට චෝදනා එල්ල වනවා.

ඒ වනවිට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් අවුරුදු 17න් පහළ ජාතික කණ්ඩායම පුහුණු කර තරඟ සඳහා සූදානම් කර තිබූ අතර ශ්‍රී ලංකාවේ පළමු වරට දකුණු ආසියානු 17න් පහළල තරඟාවලියද පවත්වා තිබුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මාලදිවයින පරදවා ජයග්‍රහණය කර තිබීම ද විශේෂ කාරණයක්.

වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම උස්බෙකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ ඔක්තෝම්බර් 03 වනදායි.

ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 23 දෙනෙකු සහ නිලධාරීන් 05 දෙනෙකු මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමට සූදානම්ව සිටි අතර අදාළ ගුවන් ටිකට්පත් වෙන් නොකිරීම හේතුවෙමුයි ඔවුන්ට එම තරගාවලිය අහිමි වුයේ.

උස්බෙකිස්තාන් සංචාරය සඳහා සියළු කටයුතු සැලසුම්කර තිබුණ ද සංචාරයට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා ගැනීමට මෙම ගැසට් පත්‍රය අවලංගු වීමෙන් බාධා මතුවුණා.

අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා ගැනීමට මුදල් තිබුණ ද එයට අත්සන් කිරීමේ බලය ගැසට් පත්‍රය තුලින් අහෝසි වී තිබු හෙයින් මෙම ගුවන් ටිකට් පත් ලබා දීමට නොහැකි වී වූ බවයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ප්‍රධානින් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම කරුණු හිටපු පරිපාලනය විසින් සහ දෙමව්පියන් විසින් ක්‍රීඩා අමාත්‍යංශයට දැනුම් දී තිබුණ ද, මෙම කණ්ඩායම සඳහා කිසිම විකල්ප සූදානමක් තිබී නැහැ.

මේ හේතුවෙන් මෙරට තරුණ ක්‍රීඩකයින්ට තරගාවලිය අහිමි වෙද්දී ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට දඩයක් ද ගෙවීමට සිදුව තිබෙනවා.

යොවුන් ක්‍රීඩකයින්ට මෙම අගනා අත්දැකීම අහිමිවුයේ, ක්‍රීඩා අමාත්‍යංශය හා පාපන්දු සම්මේලනය අතර පවතින ගැටුම්කාරී තත්ත්වයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39