වියට්නාමයේ සිරවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

වියට්නාමයේ සරණාගත කඳවුරක රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් 152ක් අද යළිත් මෙරටට එවා තිබෙනවා.

අප ගුවන් තොටුපල වාර්තාකරුවන් සඳහන් කළේ අලුයම විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.

මීට මාස කිහිපයකට පෙර 400 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීති විරෝධී මුහුදු ගමනක යෙදෙමින් ඕස්ට්‍රේලියාව බලා ගමන් ගනිමින් සිටියදී, ඔවුන් ගමන් ගත් යාත්‍රාව වියට්නාමය ආසන්න මුහුදු සීමාවේදී අනතුරකට පත්ව තිබුණා.

එහිදී වියට්නාම් වෙරළාරක්ෂක භටයින් විසින් මෙම යාත්‍රාවේ සිටි පිරිස බේරා ගෙන එරට හැනෝයි නගරය ආසන්න කඳවුරකයි රඳවා තබා තිබුණේ.

මෙම තොරතුරු හෙළිවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් වියට්නාමය වෙත ගොස් විමර්ශන ආරම්භ කර තිබූ අතර, එහිදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වූ ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු අද මෙලෙස තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ශ්‍රී ලංකාවට ගෙන්වා ගනු ලැබුවේ.

දිවයිනට පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් 152 දෙනා අතරින් 09 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 144 දෙනා පිරිමි පුද්ගලයන්.

ඔවුන් අද දින අලුයම වියට්නාමයේ යන් ගොන් (Yan Gon) ගුවන් තොටුපළේ සිට ෆිට්ස් එයා ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව කොළඹ සිට පැමිණි තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපළ තුළ රඳවා ගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33