සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ල කරමින් කොවිඩ් රෝගීන් ඉහළ යාමත් සමඟ බීජිං නුවර ෆයිසර් ඖෂධය බෙදාහැරේ

චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම අඛණ්ඩව ඉහළ යද්දී, බීජිං නුවර බලධාරීන් විසින් ඉදිරි දිනවලදී ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ෆයිසර් කොවිඩ් -19 ඖෂධය වන පැක්ස්ලොවිඩ් (Paxlovid) බෙදාහැරීම කඩිනමින් ආරම්භ කරන බව එරට රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කළා.

පෙර නොවූ විරූ ලෙස හටගත් ආසාදන රැල්ලක් සමඟ බීජිං නුවර රෝහල් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ පුහුණුව ලැබූ ප්‍රජා වෛද්‍යවරුන් යොදාගනිමින් ෆයිසර් ඖෂධය බෙදාහැරීම සහ රෝගීන්ට උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරීන්ගේ එකඟතාව ලැබී තිබුණ ද ඖෂධ ලැබෙන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් දන්වා නොමැති වීම ගැටලුවක් බව බීජිං හි ෂිචෙන්ග් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයක සේවකයෙකු උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කළා.

කොවිඩ් ප්‍රතිකාර සඳහා චීනය අනුමත කර ඇති එකම විදේශීය ඖෂධය පැක්ස්ලොවිඩ්ය.

ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තියට එරෙහිව රටපුරා පැවති විරෝධතාවලින් පසුව, චිනය වසර තුනකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කළ ශුන්‍ය කෝවිඩ් ප්‍රතිපත්තිය හදිසියේම අත්හැර දැමුවා.

ඒ සමඟ ඉහළ ගිය උණ සහ සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් හේතුවෙන් එරට ඖෂධ මිලදී ගැනීම් ද ඉහළ ගොස් තිබුණා.

සී.එන්.එන්. වාර්තා කළේ චීන අගනුවර වන බීජිං සහ වෙනත් නගරවල උණ සායන සහ රෝහල් වාට්ටු පිටත දිගු පෝලිං පැවතීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, කොවිඩ් රෝගීන් සම්බන්ධ මධ්‍යම රජයේ නිල සංඛ්‍යා අඩු මට්ටමක පවතින බැවින් රටේ සැබෑ කොවිඩ් තත්ත්වය අබිරහසක්.

මිලියන 65 ක ජනතාවක් වෙසෙන ෂෙජියැං පළාතේ නිලධාරියෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇස්තමේන්තු කළේ එහි දෛනික කොවිඩ් රෝගීන් මිලියනය ඉක්මවා ඇති බවයි.

මිලියන 10 ක ජනගහනයක් සිටින නැගෙනහිර නගරයක් වන කින්ඩගෝ හි සෞඛ්‍ය බලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ දිනකට දළ වශයෙන් මිලියන භාගයක් පමණ නව රෝගීන් වාර්තා වන බවත්, ඉදිරි දිනවලදී එම සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මධ්‍යම ග්වාන්ඩොන්ග් පළාතේ මිලියන හතක පිරිසක් වෙසෙන නගරයක් වන ඩොන්ග්ගුවන් හි  දිනකට නව රෝගීන් 250,000ත් 300,000ත් අතර සංඛ්‍යාවක් ඇස්තමේන්තු කර ඇති බව නාගරික සෞඛ්‍ය කොමිෂන් සභා වාර්තාවක සඳහන් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00
Video thumbnail
මහනුවර සිට පේරාදෙණියට මහ පාරේ යන්න සැරසෙන කෝච්චිය - අද ඇරඹෙන අසාමාන්‍ය මෙහෙයුම
02:55