තෙඹුවන කැළඹූ මරණ

තෙඹුවන පොලිස් වසමේ ක්ලෝඩන්වත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බවට තෙඹුවන පොලිසියට ලද තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇත .

මරණකරු වයස අවුරුදු 40 ක් වූ පදිංචිකරුවෙකි . ක්ලෝඩන්වත්ත , පරණ කොටස , නෑබඩ ප්‍රදේශයේ දෙපාර්ශවය අතර පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන අනුව අණාවරනය වී ඇත.

මෙම පහර දීම හේතුවෙන් තවත් පුද්ගලයකු තුවාල ලබා කළුතර , නාගොඩ රෝහලට ඇතුලත් කර තිබේ .

සිද්ධියට අදාලව සැකකරුවන් 04 දෙනෙකු හා සැකකාරියන් 02 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත .

මතුගම ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර , නාගොඩ රෝහලේ මෘතශරීරාගාරයේ තැම්පත් කර ඇත . තෙඹුවන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?