ගැඹුරු මුහුදේදී බේරාගත් ශ්‍රී ලාංකිකයන්ගෙන් පිරිසක් මව්රටට ඒමට කැමැත්ත පළ කරයි

වියට්නාමයේ අතරමංව සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසගෙන් 152ක් යළිත් මෙරටට පැමිණීමට කැමැත්ත පළකර තිබෙනවා.

ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු මේවන විට සූදානම් කර ඇති බවයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට යාමට උත්සාහ කරමින් සිටියදී ගැඹුරු මුහුදේදී යාත්‍රාව අනතුරට ලක්වීමෙන් අනතුරුවයි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස වියට්නාමයට රැගෙන ගොස් තිබුණේ.

ශ්‍රී ලාංකිකයන් 304 දෙනෙකු ඒ අතර වනවා.

ඔවුන්ගෙන් 152 කුයි මෙලෙස යළි පැමණීමට කැමැත්ත පළකර ඇත්තේ.

ඔවුන් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් රජය කළ ඉල්ලීමට අනුව සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය එකග වී ඇති බව ද විදේශ අමාත්‍යවරයා ප්‍රකාශකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46