පාසල් 149ක මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 47ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ පාසල් 149ක ඊයේ සිදු කළ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මේබව කියාසිටියේ.

උදෑසන 6.30 සිට 8 දක්වා එක් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර අනෙක් මෙහෙයුම ක්‍රියාත්මක වී ඇත්තේ දහවල් 12 සිට පස්වරු 2.30 දක්වායි.

කෙසේවෙතත් මෙම මෙහෙයුම්වලදී පාසල් ඇතුලත පරීක්ෂා කිරීමක් සිදු නොවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිසාසිටියේ.

පාසල් අවට වෙළඳසැල් 996ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර කුඩා පෙට්ටි කඩ වැනි වෙළඳසැල් 255ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එමෙන්ම පාසල් අවට විවිධ ද්‍රව්‍ය අලෙවි කරන ජංගම වෙළඳුන් 239 දෙනෙකු පරීක්ෂා කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන 998ක් මෙහිදී පරීක්ෂාවට ලක්ව තිබෙනවා.

මෙහෙයුම් අතර ළමුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් විවිධ මත්ද්‍රව්‍ය වර්ග පාසල් සිසුන් ඉලක්ක කර අලෙවි කිරීමට සූදානමින් සිටි අය බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙහිදී අයිස් මිලිග්‍රෑම් 2038ක්, හෙරොයින් මිලිග්‍රෑම් 9630ක් ගංජා ග්‍රෑම් 200ක් ඇතුලුව විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ද මෙහිදී සැකකරුවන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.

මාවා ඇතුළු විවිධ නම්වලින් හඳුන්වනු ලබන මත්වීම සඳහා ළමුන් අතර අලෙවි කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 260ක් සොයාගෙන තිබෙනවා.

ඒවා පාසල් ළමුන්ට පමණක් නොව විවිධ පුද්ගලයන් ඉලක්ක කර අලෙවි කරන බවයි නිහාල් තල්දූව මහතා කියාසිටියේ.

මේ අතර නිට්ටඹුව ප්‍රදේශයේ පාසල් සිසුවෙක් සතුව තිබී ඉතා සුළු ගංජා ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඔහුට එම ගංජා ලබාදුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සැකකරු මෙන්ම ජාවාරම්කරුවෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාසල් තුල සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන්නේ ස්ථිරව තහවුරු කර ගත හැකි තොරතුරක් ලැබුණහොත් පමණක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?