පාසල් 149ක මත්ද්‍රව්‍ය වැටලීම්වලින් 47ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ පාසල් 149ක ඊයේ සිදු කළ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මේබව කියාසිටියේ.

උදෑසන 6.30 සිට 8 දක්වා එක් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර අනෙක් මෙහෙයුම ක්‍රියාත්මක වී ඇත්තේ දහවල් 12 සිට පස්වරු 2.30 දක්වායි.

කෙසේවෙතත් මෙම මෙහෙයුම්වලදී පාසල් ඇතුලත පරීක්ෂා කිරීමක් සිදු නොවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිසාසිටියේ.

පාසල් අවට වෙළඳසැල් 996ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර කුඩා පෙට්ටි කඩ වැනි වෙළඳසැල් 255ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එමෙන්ම පාසල් අවට විවිධ ද්‍රව්‍ය අලෙවි කරන ජංගම වෙළඳුන් 239 දෙනෙකු පරීක්ෂා කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන 998ක් මෙහිදී පරීක්ෂාවට ලක්ව තිබෙනවා.

මෙහෙයුම් අතර ළමුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් විවිධ මත්ද්‍රව්‍ය වර්ග පාසල් සිසුන් ඉලක්ක කර අලෙවි කිරීමට සූදානමින් සිටි අය බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙහිදී අයිස් මිලිග්‍රෑම් 2038ක්, හෙරොයින් මිලිග්‍රෑම් 9630ක් ගංජා ග්‍රෑම් 200ක් ඇතුලුව විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ද මෙහිදී සැකකරුවන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.

මාවා ඇතුළු විවිධ නම්වලින් හඳුන්වනු ලබන මත්වීම සඳහා ළමුන් අතර අලෙවි කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 260ක් සොයාගෙන තිබෙනවා.

ඒවා පාසල් ළමුන්ට පමණක් නොව විවිධ පුද්ගලයන් ඉලක්ක කර අලෙවි කරන බවයි නිහාල් තල්දූව මහතා කියාසිටියේ.

මේ අතර නිට්ටඹුව ප්‍රදේශයේ පාසල් සිසුවෙක් සතුව තිබී ඉතා සුළු ගංජා ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඔහුට එම ගංජා ලබාදුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සැකකරු මෙන්ම ජාවාරම්කරුවෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාසල් තුල සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන්නේ ස්ථිරව තහවුරු කර ගත හැකි තොරතුරක් ලැබුණහොත් පමණක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10