වැටුප් ගෙවන්න රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නැහැ

රාජ්‍ය සේවක මාසික වැටුප් සහ විශ්‍රාමික වැටුප් ගෙවීමට රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට සිදු කරන නව බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි ඔහු මෙම අදහස් පළ කළේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේ රජයට මාසිකව රුපියල් බිලියන 145ක පමණ ආදායමක් ලැබුණ ද වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93ක් වැය වන බවයි.

විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් බිලියන 27ක් වැය වන අතර සමෘද්ධි සහනාධාර ගෙවීම වෙනුවෙන් රුපියල් බිලියන 6ක් වැයවන බව ඔහු පෙන්වා දෙනවා.

සමාජ සුබ සාධන කටයුතු වෙනුවෙන් ද විශාල මුදලක් වැයවන අතර මෙම මුදල් එකතු කර බැලීමේදී ආසන්න වශයෙන් රුපියල් බිලියන 154ක් වැය වන බවයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.

පොලිය ණය ආපසු ගෙවීම් සහ සහ අනෙකුත් වියදම් මීට ඇතුලත් නොවන බවත් රාජ්‍ය මූල්‍ය තත්ත්වය පවතින්නේ එතරම් දරුණු මට්ටමක බවත් ඔහු අවධාරණය කලා.

මෙවැනි පසුබිමක් තුල රාජ්‍ය අංශයේ ආදායම වැඩිකර ගැනීමට සහ වියදම් අඩුකර ගැනීමට රාජ්‍ය මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේවෙතත් ආදායම එකවර වැඩිකර ගත් ආකාරයෙන් වියදම අඩුකර ගැනීමට නොහැකි බවයි මහින්ද සිරිවර්ධන මහතා කියාසිටියේ.

එමෙන්ම අර්බුධ අවස්ථාවේ දිළිඳු පුද්ගලයන් රැක බලා ගැනීම ඇතුලු කරුණු වෙනුවෙන් ද රජයට මුදල් වියදම් කිරීමට සිදුවූ බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06