දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ගත් තරුණයෙකුට උණුසුම් පිළිගැනීමක්

නානුඔය ගැල්ස්කෝ තේ වතු යායේ වතු කම්කරු පවුලක උපන් තරුණයෙකු දේශපාලන විද්‍යාව සහ සමාජ අධ්‍යනය පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගැනී නිමිත්තෙන් එම තරුණයා පිළිගැනීමේ උත්සවයක් පසුගිය දා වතු යායේදී පැවැත්වුණා.

එය සංවිධාන කර තිබුණේ එම වතු යායේ වතු කම්කරුවන් විසින්.

නාරායනන් පුණ්‍ය සෙල්වම් නමැති 25 හැවිරිදි එම තරුණයා මුලික අධ්‍යාපනය ලබා ඇත්තේ ග්ලැස්කෝ දමිළ මහා විද්‍යාලයෙන්.

පසුව උසස් පෙල කලා විෂය නානුඔය දමිළ මහ විද්‍යාලයෙන් හදාරා පසුව කොළඹ විශ්ව විද්‍යාලයට තේරි පත් වී තිබෙනවා.

පවුලේ වැඩිමලා වු මෙම තරුණයා පවුලේ වැඩිමලා වන අතර, ඔහුට එක් සහෝදරියක් සිටිනවා

ඇය උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇය ශ්‍රී පාද විද්‍යා පිඨයට ඇතුලත් වීමට අයදුම් කර තිබෙනවා.

පුණ්‍ය සෙල්වම්ගේ පියා වන අවුරුදු 78ක් වයසැති මානික්කම් නරායනන් මේ වන විට රෝගාතුරව නිවසේ සිටින අතර, ඔහුගේ මව වන රාමසාමි පුගනලෝචනි වසර 12 තිස්සේ එම වතුයායේ වතු කම්කරු කාන්තාවක් ලෙස සේවය කරනවා.

ඇය ලබා ගන්නා වැටුපෙන් තම දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ද සිදුකර රෝගාතුර වු සැමියා රැක බලා ගනිමින් සිටිනවා.

පවුල් 600ක් පමණ ජිවත් වන නානුඔය ග්ලැස්කෝ වතුයායේ දරුවෙකු උපාධියක් ලබාගත් ප්‍රථම අවස්තාව මෙය වන නිසා ඔහු එම වතුයායට පැමිණි අවස්තාවේ උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කල බවයි වතු කම්කරුවන් කියාසිටියේ.

දමිළ භාෂාව සහ ඉංග්‍රිසි භාෂාව පමණක් කතා කිරිමට හැකියාවක් ඇති පුණ්‍ය සෙල්වම් මෙසේ අදහස් දැක්වුවා.

මම හැදුණේ වැඩුණේ තේ වත්තේමයි, අම්මයි තාත්තයි වැඩ කරලා ලබන වැටුපෙන් අපි හතර දෙනා ජීවත් වුණා.
මම විශ්ව විද්‍යාලයට ඇතුලත් වුණාට පස්සේ මට මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ලැබුණා, ඊට අමතරව මගේ ආර්ථික පසුබිම සලකලා කිහිප දෙනෙකු මට බාහිර පන්තිවලින් අධ්‍යාපනය ලබන්න උදව් කලා.

ඉගෙන ගන්න අපේ පවුල් පසුබිම වැදගත් වෙන්නේ නැ, උනන්දුවයි කැපවිමයි තියෙනවා නම් අධ්‍යාපනයේ ඉහළ තැනකට යන්න පුළුවන්. මගේ ඊලඟ බලපොරොත්තුව ආචාර්ය උපාධිය ලබා ගැනීමයි, ඒ සඳහා මම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා සියළු දෙනාගේ සහාය මත. මම අචාර්ය උපාධිය ලබා ගත්තට පස්සේ තේ වතු ආශ්‍රිතව වැඩ කරන ජනතාවටම වැඩ කරන්න පුළුවන් සුදුසු රැකියාවක් සොයාගෙන අපේ ජනතාවට වැඩ කරන්න තමයි මගේ බලාපොරාත්තුව.

අපේ රටේ දේශපාලනය පිළිබඳව මම ඉන්නේ දැඩි කල කිරිමකින්, අපි එදා හිටපු තත්ත්වයේම තමයි තවමත් ඉන්නේ, මම කවදාවත් දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැ. වතුකරය නියෝජනය කරන දේශපාලඥයින් මට ආරාධනා කලොත් මම ඉගෙන ගත්ත දෙයින් වතුකරයේ ජනතාවට මීට වඩා යමක් කරන්න පුළුවන් අදහසක් මම ඒ අයට ලබා දෙන්න සුදානම්.

තවත් මං වගේ වතුකරයේ ළමයි ගොඩක් ඉන්නවා උපාධියක් ලබා ගන්න බලාපොරොත්තුවෙන්, ඒ අයට දැනටමත් මම නොමිලේ නිවස තුලම පන්ති පවත්වනවා. වතුකරයේ ජනතාව කිව්වම කවුරුත් ගනන් ගන්නේ නැ අපිව, ඒ ඇයි කියලා මම දන්නේ නැ, අපි හොදින් ඉගෙන ගත්තම අපිට වටිනාකමක් අපිට ලැබෙනවා. ඒ නිසා වතුකරයේ අධ්‍යාපනය ලබන සියළුම නංගිලා මල්ලිලා හොදින් ඉගෙන ගන්න ඕනි, අම්මලා තාත්තලා විදින දුකෙන් ඔවුන් මුදාගෙන අපි මේ රටට වැඩක් කල යුතුයි.

ඉකුත් (12) දින මම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි උපාධිය ලබා ගත්තේ, මම වත්තට ආවේ (15) දින. ඒආපු වේලාවේ වත්තේ වැඩ කරන සියළු දෙනා එකතු වෙලා මාව උණුසුම් අයුරින් පිළිගත්තා. එකෙන් මට තේරෙන්නේ අපි හොඳට ඉගෙන ගත්තම ඒගොල්ලන්ට ආඩම්බරයක් ලැබෙන බව. ඒ තත්ත්වයට එන්න වතුකරයේ අධ්‍යාපනය සියළු දෙනාම කැපවිමෙන් සහ උනන්දුවෙන් කටයුතු කල යුතුයි.

20
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00
Video thumbnail
වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේ සාගරිකා පීලි පනී - දුම්රිය ගමනා ගමනයට බාධා
01:19
Video thumbnail
ගමන් ගත් බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැටෙන අයුරු
00:32
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33